
(ඒ.ඩී.පතිරණ)
ඌරුබොක්ක දම්පහල මහා විදුහලේ රාජකාරි කරන සංවර්ධන නිලධාරිනියක සේවය නිමා කොට තම නිවෙස යද්දී ඇය පදිංචි ගම්මානයේම තරුණයකු ඇගේ ගෙල කපා පපුවට පිහියෙන් ඇන මරාදමා ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන සිතාරි මධුමාලි නමති තරුණියකි.
පාසලේ සිට බසයෙන් පැමිණ පා ගමිනින් නිවෙසට යන අතර තුර මෙම තියුණු ආයුද ප්‍රහාරය එල්ල කර ඇති අතර ඇගේ කෑගැසිමට පැමිණි පිරිස ඇය වහා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
සැකකරු එම තරුණියගේ පෙම්වතා බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
සැකකරු ඝාතනය සිදුකළ ස්ථානයේ ගසක නැග සැගව සිටින බවත් එම ගස අවට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැට්ටෝ දැන් ගස් නැගලා බේරෙන්න බැරිය. බිමට පැන්නොත් මාස ගණනක් ඉස්පිරිතාලේ ඉන්න පුළුවන්. වෙන විකල්පයක් නොමැත.
මොවුන්ව මෙතැනම බාවලා දාන්න ඕනෑ...