IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සංවර්ධන නිලධාරිනියගේ ගෙල කපා මරා දමලා

(ඒ.ඩී.පතිරණ)

ඌරුබොක්ක දම්පහල මහා විදුහලේ රාජකාරි කරන සංවර්ධන නිලධාරිනියක සේවය නිමා කොට තම නිවෙස යද්දී ඇය පදිංචි ගම්මානයේම තරුණයකු ඇගේ ගෙල කපා පපුවට පිහියෙන් ඇන මරාදමා ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන සිතාරි මධුමාලි නමති තරුණියකි.

පාසලේ සිට බසයෙන් පැමිණ පා ගමිනින් නිවෙසට යන අතර තුර මෙම තියුණු ආයුද ප්‍රහාරය එල්ල කර ඇති අතර ඇගේ කෑගැසිමට පැමිණි පිරිස ඇය වහා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි. 

සැකකරු එම තරුණියගේ පෙම්වතා බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. 

සැකකරු ඝාතනය සිදුකළ ස්ථානයේ ගසක නැග සැගව සිටින බවත් එම ගස අවට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (2)

සංවර්ධන නිලධාරිනියගේ ගෙල කපා මරා දමලා

Bamunuarachchi Wednesday, 14 June 2023 11:14 PM

මැට්ටෝ දැන් ගස් නැගලා බේරෙන්න බැරිය. බිමට පැන්නොත් මාස ගණනක් ඉස්පිරිතාලේ ඉන්න පුළුවන්. වෙන විකල්පයක් නොමැත.

:       0       0

prasanna Thursday, 15 June 2023 07:31 AM

මොවුන්ව මෙතැනම බාවලා දාන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site