
(අංජුල මහික වීරරත්න)
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම ආයතනයන්හි නියෝජිතයන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීය.
වෙළෙඳාමේ සාධාරණත්වයක් ඇති කිරීමෙන් පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා වන බවත් එමඟින් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන බවත් නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
විශේෂයෙන් ජපානය ලබා ඇති ආර්ථික දියුණුවට මෙම තරඟකාරී වෙළෙඳ ප්‍රතිපත්තිය ඉවහල් වූ ආකාරය පෙන්වා දුන් නියෝජිත පිරිස පාරිභෝගික අයිතිවාසිකම් දිනා දීමට මෙන්ම නවෝත්පාදන සම්බන්ධයෙන් එහි දායකත්වය පැහැදිලි කළහ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉහළ තලයකට ඔසවා තබමින් සාධාරණ වෙළෙඳාමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ මෙවර අයවැයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපති ලේකම්වරයා එම සැලසුම් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) වෙනුවෙන් ටෙට්සුයා යමාඩා (Tetsuya YAMADA), අරිසා ඉනාඩා (Arisa INADA), යූරි හොරිටා (Yuri HORRITA) , නාමල් රැළපනාව, ජපන් සාධාරණ වෙළඳ කොමිසම වෙනුවෙන් (JFTC) වයි. සකුමා (Y. Sakuma) , වයි. අසහිනා (Y. Asahina), වයි. ෆුකුෂිමා (Y. Fukushima), එම්. ටකුචි (M.Takeuchi) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් අවුරුදු 50ක විතර ඉඳන් ජපානෙන් හිඟා කනවා, ආධාර ඉල්ලනවා, ඇම්බියුලන්ස් රෝහල් අරක මේක ඉල්ලනවා, ඒ මිනිස්සුන්ටත් එපා වෙලා ඇති මේ හිඟන හැතිකරයට මොනවා දුන්නත් මදි කියලා. අපේ උනුත් ලැජ්ජාවක් නැහැ... හිඟා කනවා.
70 දශකයේ දකුණු කොරියාවට වගේම සිංගප්පූරුවට ජපානය උදව් කරා වගේම දුෂිත නොවන රජුන්ට ජපානය උදව් කරනවා. මොකද ඔවුන්ට වගේම අපිත් ප්‍රතිලාභ ලැබෙන නිසා. මතකනේ ඉස්සර ජපන් ව්‍යාප්ති නැවැත්තුනා. අපේ ඇමැතිලා කොමිස් ඉල්ලපු නිසා. ජපන් සමාජයේ හොරකමට වංචාවට ඉඩක් නෑ.
ජපානය වැනි මිත්‍ර රටවල් සමග තිබෙන හිතවත් කමින් ප්‍රයෝජන ගන්න නම් අපි ඔවුන් සමග හොද වෙළද සම්බන්ධතා ගොඩ නගන්න ඕනේ , රටවල් දෙකේමව්‍යාපාරිකයන්ට දෙපැත්තේම වෙළදපල විවෘර්ත වෙන්න ඕනේ ,තාක්ෂණ , කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත මෙහි ප්‍රමුක ස්ථානයක් ගන්නවා මේවා කරන්න නම් රටවල් දෙක අතර දෙපාර්ශවයටම සහනදායක නිදහස් වෙළද ගිවිසුම් තිබෙන්න ඕනේ , සරල අඩු අගයක් ගන්න බදු ප්‍රතිපත්ති රටවල් දෙක අතර ක්‍රියාත්මක වෙන්න ඕනේ , අපි ජපානෙන් එන භාණ්ඩ වලට 200%-300% බදු ගහල , අපේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රමුක භාණ්ඩ සහ සේවා ජපානෙට අපනයන කරන්න කල්පනා කිරීම විහිළුවකි , ජපන්නු මෝඩ නැහැ , දැනට වසර 20 පමණ පෙර ජපානේ , සිංගප්පුරුව සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කල වියට්නාමය වැනි රටවල විශාල ආර්ථික දියුණුවේ රහස මේකය ,
ඉස්සර සිටි දක්ෂ දේශපාලකයන් විවිධ සංවර්ධන වියපෘති වලට ජපානය එංගලන්තේ වැනි මිත්‍ර රටවලින් සහන පොලියට ණය සහ දැනුම ලබාගෙන රුපවාහිනී සංස්ථාව , වික්ටෝරිය වේල්ල ව්‍යාපෘති ක්‍රියාත්මක කර රටට ප්‍රති ලාභයක් ලබාදෙන්න කටයුතු කළ , අදත් අපි එම වියපෘති වල ප්‍රතිලාභ භක්ති විදිනවා නමුත් පසුව බලයට පැමිණි රාජපක්ෂ කල්ලිය , රටට ආර්ථික වැදගත්කමක් නොමැති මත්තල ගුවන්තොටුපල වැනි වියපෘති චීන වැඩි පොලියට මුදල් ලබාගෙන ඒවගෙනුත් විශාල කොමිස් මුදල් ලබාගෙන නිමකලත් අද රටට විශාල ආර්ථික බරක් වෙලා තිබෙන අතර අඩු පොලියට ජපානෙන් අපට ලැබුන සැහැල්ලු දුම්රිය සේවය වැනි අත්‍යවශ්‍ය දේවල් කිසිම සාධාරණ හේතුවක් නැතිව නැවත දමන්න කටයුතු කලා