IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්වර්ණ පුස්තක සම්මානය ’පේත’ නවකතාවට

(එරික් ඉලයප්ආරච්චි මහතා වෙනුවෙන් සම්මානය ලබාගත් බුද්ධදාස ගලප්පත්ති මහතා)

(සුරත් ද මැල් මහතා)

(ශමෙල් ජයකොඩි මහත්මිය වෙනුවෙන් සම්මානය ගත් ඇයගේ මව ධම්මිකා විජේකෝන් මහත්මිය)

(ලියනගේ අමරකීර්ති මහතා)

(සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය)

 

(ඡායාරූප - ගයාන් අමරසේකර)

(ඩයනා උදයංගනී සහ  ප්‍රියන්ත ජයලත්)

සාහිත්‍යය මාසයට හා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී  ලංකා  පොත්  ප්‍රකාශකයන්ගේ  සංගමය  මගින්  වාර්ෂිකව සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ 14 වැනි වරටත් කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ  (12)  පැවැත්විණි.

 ‘2020  ස්වර්ණ  පුස්තක  සම්මාන  උළෙලේ’ ප්‍රධාන ආරාධිතයා ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපති  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වී සිටියේය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මෙම සම්මාන උලෙළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සංවිධානය කර තිබිණි.‍

පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් අවසන් වටයට තේරුණු කෘති  පහකට  සම්මාන  සහ  මුදල්  ත්‍යාග  පිරිනැමිණි.

ඒ අනුව, වසරේ  ප්‍රශස්තම  කෘතියට  හිමි ස්වර්ණ පුස්තක සම්මානය  හිමිවූයේ එරික් ඉලයප්ආරච්චි  මහතා  විසින්  රචනා කරන ලද  ‘පේත’  කෘතියටය.  එය ඇස්. ගොඩගේ  සහ  සහෝදරයෝ  සමාගම  විසින් පළකරන ලදී.

එම  සම්මානය  ලබාගැනීම  සඳහා එරික්  ඉලයප්ආරච්චි  මහතා  එම  අවස්ථාවට පැමිණ නොසිටි අතර ඔහු වෙනුවෙන් එම සම්මානය  ලබාගත්තේ  ජනමාධ්‍යවේදී  හා  ප්‍රවීණ  කලාකරු  බුද්ධදාස  ගලප්පත්ති  මහතා  විසිනි. මෙම සම්මාන උලෙළ සදහා තමාට ආරාධනා පත්‍රයක්  නොලැබුණු  බැවින් සහභාගී නොවන බව එරික් ඉලයප්පෙආරච්චි මහතා තමාට  දුරකථනයෙන්  පැවසුයේ යැයි බුද්ධදාස  ගලප්පත්ති  මහතා  එහිදී  පැවසීය.
  
මෙහි අවසන් වටයට තේරී පත්වූ, සුරත් ද මැල්  මහතා  රචනා කළ ‘තී හා තා’(සරසවි  ප්‍රකාශන) , ශමෙල් ජයකොඩි මහත්මිය රචනා කළ  ‘කුමර කොබෙයි’(විදර්ශන ප්‍රකාශන),  සුනේත්‍රා  රාජකරුණානායක  මහත්මිය රචනා කළ  ‘නිශ්ක්‍රාන්තිය’(සරසවි ප්‍රකාශන), ලියනගේ අමරකීර්ති  මහතා රචනා කළ ‘රතු  ඉරි  අඳින  අත’ (විදර්ශන ප්‍රකාශන) යන  කෘති වෙනුවෙන් ද සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමිණි.   

රාජ්‍ය  නර්තන  කණ්ඩායමේ නර්තනාංගයන්ගෙන් උළෙල වර්ණවත් විය.

ස්වර්ණ  පුස්තක  උත්තරීතර මණ්ඩලයේ  සභාපති  ආචාර්ය  සරත්  අමුණුගම,  සංස්කෘතික කටයුතු  අමාත්‍යංශයේ  අතිරේක  ලේකම් එස්. ඩී. එස්. මල්කාන්ති, ශ්‍රී  ජයවර්ධනපුර  විශ්ව  විද්‍යාලයේ  බෞද්ධ  හා  පාලි  අංශයේ  ප්‍රධාන කථිකාචාර්ය දිනේෂ් ගුණතිලක, සංස්කෘතික කටයුතු  දෙපාර්තුමේන්තුවේ  අධ්‍යක්ෂිකා  තරණි අනෝජා ගමගේ, පොත්  ප්‍රකාශකයන්ගේ  සංගමයේ  සභාපති  උපාලි  වනිගසුරිය  යන  මහත්ම  මහත්මීහු, ලේඛක ලේඛිකාවෝ ඇතුළු විශාල  පිරිසක් එම  අවස්ථාවට   සහභාගී  වූහ.



අදහස් (3)

ස්වර්ණ පුස්තක සම්මානය ’පේත’ නවකතාවට

පහන් Sunday, 13 September 2020 11:57 AM

මගේ මනාපය නම් " රතු ඉරි ඇඳි අත"... කෙසේ නමුත් පස් දෙනාටම සුබපැතුම්..!

:       0       1

සුසන්ත සේනාධිලංකාර Monday, 14 September 2020 05:35 AM

ස්වර්ණ පුස්තක සම්මානයේ හිමිකරුවා වන එරික් ඉලයප්පාරච්චි මහතාට ආරාධනා පත්‍රයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදී හෝ ආරාධනා කිරීම සඳහා සංවිධායකයින් අපොහොසත් වුණා. මේ වරද බාරගන්නේ කවුරුද?

:       0       12

akudiTuesday, 15 September 2020 03:59 AM

20වැනි සංශෝධනයටයි, මේකටයි දෙකටම බාරගන්න කවුරුත් නැතිනම් මම බාරගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site