
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අනුව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය කඩා වැටෙනු ඇතැයි අනුමාන කර ඇත්තේ ඉන්දුනීසියාවට ඔබ්බෙන් ඉන්දීය සාගරයටය.
සෝවියට් රුසියාව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය 1972 මාර්තු මාසයේ දී සිකුරු වෙත යැවීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය.
යානය පෘථිවියට ඉහළින් අක්‍රිය වී පාවෙමින් තිබුණු අතර, පසුව එය කෙමෙන් කෙමෙන් පෘථිවියට ඇදී ආවේය. පසුය එය පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඉන්දීය සාගරයට පතිත වනු ඇති බව විද්‍යාඥයෝ පැහැදිලි කළහ.
සෝවියට් විද්‍යාඥයන් ‘කොස්මොස් 482’ නිර්මාණය කර ඇත්තේ සිකුරුගේ වායුගෝලයේ අධික තාපයට ඔරොත්තු දී සිකුරු මතුපිටට ගොඩබෑමටය.
පෘථිවි වායු ගෝලයට වඩා සිකුරුගේ වායුගෝලය අධික තාපයෙන් යුක්ත බැවින්, අක්‍රිය වූ යානය පෘථිවි වායුගෝලයේ විනාශ වී නොයනු ඇතැයි ද පැවැසෙයි. ඒ අනුව, ‘කොස්මොස් 482’ යානය හානි නොවී මුහුදට පතිත වනු ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd