IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ස්වාමියා බේරා ගන්න බල්ලා අලියාට තගක් දාලා

(ඇන් ජේ පතිරාජ )

වල් අලියකු පහරදී මියගිය තම ස්වාමියගේ සිරුර වෙනත් අයකුට රැගෙන යාමට ඉඩ නොදුන් බල්ලකු ගැන පුවතක් මහඅන්දරවැව තල්ගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මහඅන්දරවැව පාසල අසළ පදිංචිව සිටි ඒ එච් එම් සමන්ත අබේසිංහ නමැති පනස් හැවිරිදි තිදරු පියකු බව ද පොලිසිය පවසයි.

මියගිය අයගේ මිතුරන් දෙදෙනෙකු තල්ගස්වැවට මාළු අල්ලන්න යමු යැයි යෝජනා කර ඇති අතර පාදවල ඇති තැලුම් තුවාල නිසා ගමන යාමට අලි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලය මුලින් අකැමත්ත පුකාශ කොට ඇත.

ඒ අවස්ථාවේ මිතුරකු ඔහුට සපත්තු දෙකක් ගෙනැවිත් දී ගමනට එකතු කරගෙන ඇතැයි පොලිසිය කියයි. මියගිය තිදරු පියාගේ නිවසේ ඇතිකරන බල්ලා ද මෙම ගමනට එකතු වී ඇත.

පිරිස කැලය මැදින් ගමන් ගනිද්දී වල් අලියකු ඉදිරියට පැමිණ ඇති බවත් මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු ගසකට ගොඩ වි ඇති අතර අනෙක් මිතුරා දුව ගොස් පඳුරකට මුවා වි ඇත.

තිදරු පියා හා බල්ලා තනි වි ඇති අතර , බල්ලා සිය ස්වාමියා බේරා ගැනීමට කීපවරක් ඉදිරියට පැන්නද බල්ලාට පහරදීමට උත්සහා කර පන්නා පසුව වල් අලියා තිදරු පියාට පහරදී මරා දමා ඇත.

වල් අලි පහරදීම නිසා තිදරු පියා එම ස්ථානයේ මියගොස් ඇති අතර ,ඔහුගේ සිරුර ඔසවා ගෙන යාමට සුනඛයා කිසිවකුට ඉඩ දී නොමැති අතර , අවසානයේ කිට්ටුම ඥාතීන් පැමිණි පසු දේහය රැගෙන යාමට සුනඛයා ඉඩ දී ඇතැයි පොලිසිය කියයි .

 



අදහස් (5)

ස්වාමියා බේරා ගන්න බල්ලා අලියාට තගක් දාලා

sarath Monday, 29 May 2023 04:22 PM

ගම්බදව වෙසෙන මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ ඇයි? ඒ මේ මිනිසුන් දුප්පත් නිසාද?

:       20       16

සුනෙත් හේමන්තTuesday, 30 May 2023 09:42 AM

මෝඩ කතා කියන්න එපා. අලියා ගමට ඇවිල්ල පහරදීල නෙමේනෙ, මේ මිනිස්සු අලි ඉන්න කැළෑවේ මාලු අල්ලන්න ගිහිනුයි අලියා ගහල තියෙන්නේ.

:       0       3

de silva Monday, 29 May 2023 06:00 PM

අලි ඉන්න කැලෑ කපලා නිෂ්ඵල ගුවන් තොටුපලවල් හැදුවාම අලි ගම්වලට ඇවිත් මිනී මරති...

:       2       19

fairoos Monday, 29 May 2023 07:27 PM

බල්ලගේ ඒ සෙනෙහස අද මිනිස්සු ළඟ නැහැ...

:       0       29

Bamunuarachchi Tuesday, 30 May 2023 03:56 AM

කාරනාව එහෙම උනාට මුස්ලිම් මිනිස්සු බල්ලෝ ඇතිකරන්නේ නැහැ. මොකද බල්ලෝ තමන්ට වඩා ඉහල බව දන්නා නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site