(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසින් හැඳින්වෙන ‘ලීනියන් පදක්කම’ මෙවර ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ ස්වභාව විද්‍යාඥයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතාට පිරිනමා ඇත.
ලන්ඩනයේ ලීනියන් සමාජය මගින් ලෝකය පුරා විසිරී සිටින විශිෂ්ට ශාක විද්‍යාඥයන් සහ සත්ව විද්‍යාඥයන් වෙනුවෙන් 1888 වසරේ සිට වාර්ෂිකව පිරිනමන මෙම පදක්කම, ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ පළමු අවස්ථාව මෙය වේ.
එමෙන්ම ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා මෙම පදක්කම දිනූ ආසියාවේ දෙවැනියා බව ද සඳහන් වේ.
විද්‍යාඥයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු වන ආචාර්ය පෙතියාගොඩ මහතා ජාත්‍යන්තර රතු දත්ත කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ මෙන්ම ජල සම්පත් මණ්ඩලයේ ද සේවය කර ඇති පෙතියාගොඩ මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස ද සේවය කර ඇත.
එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කෞතුකාගාරයේ පර්යේෂකයකු ද වේ.
මෙරට මිරිදිය මතස්‍ය සම්පත පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කර ඇති පෙතියාගොඩ මහතා ලෝක බැංකුව ඇතුළු ආයතන රැසක් වෙනුවෙන් ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණාත්මක ලේඛන රැසක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව පර්යේෂණ සඳහා ඔහුගෙන් සිදු වූ සේවය මෙන්ම ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සළකා බලා ඔහුට මෙම පදක්කම ලබාදීමට හේතුවූ බව සම්මාන කමිටුව සඳහන් කර තිබිණි.
ලන්ඩනයේ ලීනියන් සංගමය ලොව දැනට ක්‍රියාකාරීව පවතින ස්වභාවික ඉතිහාසය ගවේෂණය සඳහා වූ පැරණිතම සමාජයක් වන අතර, ස්වීඩන් ජාතික ස්වභා විද්‍යාඥයෙකු වන කාල් ලිනේයස් (1707-1778) අනුස්මරණය කිරීම පිණිය එය ලීනියන් සංගමය ලෙස නම් කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ස්වභාව විද්‍යාව නොබෙල් ත්‍යාගය ශ්‍රී ලාංකිකයකුට
kamal Friday, 27 May 2022 05:04 PM
ඔය කියන පදක්කම දීලා අපට ගෑස් නැවක් ගෙනත් දෙන්න.
සත්‍ය ගවේෂී.Friday, 27 May 2022 06:52 PM
ඔන්න ඉඳලා ඉඳලා කමල් කිව්වා කතාවක්. මේ තරම් වටිනා අවස්ථාවක් මේ රටේ අපේ සැබෑ බුද්ධිමතෙකු හට ලැබුණාම ඒකට ගෞරව කරන්නවත් හරියට දන්නේ නැහැ.
sudathSaturday, 28 May 2022 03:01 AM
ඔය කතාව දියවන්නාවේ අයටත් කියවෙන්න පුළුවන්..
RasikaSaturday, 28 May 2022 04:57 AM
ප්‍රශ්නය නම් මෙයමයි, අපිට මෙහෙම වෙන්න. සුදුස්සාට සුදුසු තැන නොදී සහ බුද්ධිමතුන් මෙන්ම දක්ෂයින්, උගතුන් ගැන හරි ඇගයීමක් සමාජයේ නැතිවීමයි. 77න් පසු සිදුවූ සමාජ වෙනසේ ප්‍රතිඵලය.. කසිප්පු විකුණලා හරි සල්ලි හොයාගත් කෙනාට සමාජයේ ඉහළ පිළිගැනීමක් දීම සහ උගතුන්ට අවම පිළිගැනීමක් දීම.. පාර්ලිමේන්තුවට වුණේත් ඒකම තමයි.