(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජාතික සමගි ජන බලවේගය සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද දැනගන්නට ඇත.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් ,අලුතින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම සම්බන්ධයෙන්ද,මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.
එම යෝජිත අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිදෙනකුට අඩුවිය යුතු බවට ද යෝජනා වී ඇත .
මේ අතර ,අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව , අර්බුද විසඳීම සම්බන්ධයෙන් සහාය ලබා ගැනීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විදේශීය තානාපතිවරුන් හමු වී සාකච්ඡා කිරීමට ද පියවර ගෙන ඇති අතර,ඒ අනුව රුසියානු තානාපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා ද, චීන තානාපතිවරයා ඉකුත් සිකුරාදා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්වී,නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත්,ආණ්ඩුවෙන්ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා විශ්වාසභංග යෝජනාවට සහාය දීමට සිදුවනු ඇතැයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ස්වාධීන කණ්ඩායම දැඩි තීන්දුවක
කිරි පුතා Saturday, 23 April 2022 11:28 AM
ඉතා පරිස්සමෙන් කළයුතු දෙයක් වග පේනවා. පවතින ආණ්ඩුව කියන දෙයකට ඇහුම්කන් නොදී ඉන්න නිසා, දැඩි නීත්‍යානුකූල මාර්ගයකට යන එක හොඳයි. නමුත් විශ්වාස භංගය ගේන්නේ පුතාණෝ අගමැති කරවීමේ පරමාර්ථයෙන්. නැතිව රටට ඇති ආදරය නිසා නොවෙයි. ඉතින් ඒකට සහාය දක්වලා ආණ්ඩුව ගෙදර යවලා පුතාණෝ එතැනට ආවොත් අහෝ..!
චන්දන Saturday, 23 April 2022 01:46 PM
මේ කතාව ඇත්ත... මහින්ද යැවීමේ පරමාර්ථය සජිත් ගෙනඒම නම් ඕකට සහයෝගය නොදිය යුතුයි...
NuwanSaturday, 23 April 2022 05:13 PM
මේක ලිස්සන ගහේ නගිනවා වගේ සීන් එකක්. ඉස්සෙල්ලාම යන ඈයෝ ග්‍රීස් හූරගෙන බිමට රූටනවා. එහෙම එකා එකා, අවුරුද්දට දෙතුන් දෙනෙක් පොළවට පත බෑවෙනවා. පුතානෝ කෙනෙක් වෙන්න පුළුවන්. අන්තිමට එකෙක් කොඩිය ගන්නකොට අනිත් උන් බිම. ඒ නිසා මේ වෙලාවේ රාජපක්ෂලාට තලන එක තමයි ලේසිම. බාරගන්න එකා සොරිවෙන්න තියන සම්භාවිතාව සෑහෙන වැඩියි.
දාස Saturday, 23 April 2022 12:07 PM
මේ එක නාඩමගක්... නටන නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ කියන්නේ මේවාට තමයි ආයුබෝවන්...!
Dews Saturday, 23 April 2022 02:21 PM
කිය කිය බයිලා ගහන්නේ නැතිව කරලා පෙන්නන්න...
Kal Saturday, 23 April 2022 03:53 PM
මේ අයගේ බයිලා... මහින්ද නැතිව ගියොත් මේ අයට යන කලදසාවක් හොයාගන්න බැරි බව මේ අය දන්නවා.
de silva Saturday, 23 April 2022 04:51 PM
මේ ගොල්ලන් අන්තිමට වරප්‍රසාද ටික රැකගන්න සංවේදී වෙනවා...