
(අංජුල මහික වීරරත්න)
කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් අද පැවැත්වුණු බව කී අමාත්‍යවරයා ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහභාගී වූ බව සඳහන් කළේය.
මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට හා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්තුමියටත් නීති අංශයටත් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම කාලීන අවශ්‍යතාවයක්. මොකද මාලිමා ආන්ඩුව ඛලයට පත්කරන්න රටේ සියලුම ජනතාව ඡන්දය දුන්නේ රටේ මහා පරිමාණ ප්‍රකෝටි ගනම් හොරාකෑව සියලුම දෙනාට නඩු පවරල නිසියාකාරව දඩුවම් දීල එම මුදල් නැවත රජයට පවරාගෙන්නා ලෙසටයි.
එකත් පොලිස් කොමිසම වාගේද දන්නේ නෑ, අවුරුදු ගණනකට යට ගසාගෙන ඉන්න නඩු ඉදිරියට ගන්න, "දේශ 'B'" වගේ කල් යල් බලගත්තා වගේ.