
(යොහාන් භාසුර)
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මනත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (23) පැවසුවාය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අදහස් දක්වමින් හරිනි අමරසූරිය මෙනවිය එසේ පැවසුවාය.
එම පත්කිරීම් ඊයේ සිදුනොවන බව කී අමරසූරිය මෙනවිය අගමැතිවරයා පත්කිරීම ද ඉදිරියේදී වනු ඇති බව කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් පාලනයකට සුබ ප්‍රාර්ථනා... මහජන නියෝජිතයින් සියලු දෙනාටම මෙන්ම එයාලා පත්කරගන්නා තාවකාලික කාර්ය මණ්ඩලවලට අනුමත කර ඇති විශ්‍රාම වැටුප් අත්හිටුවන්න. රට වෙනුවෙන් දුක්මහන්සි වෙන රජයේ මෙන්ම පුද්ගලික අංශයේද සියලුම සේවකයින් සඳහා වෙන රටවල මේ විශ්‍රාම වැටුප් ලබාදෙන්න.
ලෝකයේ බලවත් රටක් වන ස්විට්සර්ලන්තයේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 7 දෙනයි. ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩ කොහොමත් කරන්නේ රජයේ නිලධාරීන්. කැබිනට් ඇමතිවරු කල යුත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට අවශ්‍ය "දිශානතිය" ලබා දීම පමණයි.
අපිට අවශ්‍ය රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න මිසක් රටට වැඩ නැති ඔලු ගෙඩි වලින් සමන්විත ඇමති මණ්ඩලයක් නොවේ. ඔබට ජය, රටට ජය
@saman ස්විට්ස්ලන්තයේ ජනගහනය මිලියන 8.7 ගානක්. ලංකාවේ ජනගහනය මිලියන 25ක් විතර ඒ නිසා 7 දෙනාගේ ඇමැති මණ්ඩලය අමාරු වෙන දෙයක්. නමුත් 25-30 වගේ ප්‍රමාණයක් ඇති. ඒ වගේම ලංකාවේ භූමි ප්‍රමාණයත් ටිකක් වැඩියි. අපේ රටේ පළාත් සභා නොතිබුණා නම් නාස්තිය අවම කරන්න තිබුණා. නමුත් ජේ ආර් ජයවර්ධන රජීව් ගාන්ධි සමග බයට ගහපු ගිවිසුම අවලංගු කරන්න බැරි නිසා අපේ රටේ විනාශය නවත්වන්න අමාරුයි...