(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
හබරාදූව මීපේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්න මහතාගේ නිවසට අද (14) ඇතුළු වූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ මහතාට පහරදී තුවාල කර පලාගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.
එම පිරිස නිවසේ දේපලවලටද හානිකර ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ විජේරත්න මහතා කළුගල රෝහලට ඇතුළත්කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට කරාපිටිය මූලික රෝහලට මාරු කර යවා ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වු ලසන්ත විජේරත්න මහතා මෙසේ විස්තර කීය.
‘අද පාන්දර ශබ්දයක් ඇහිලා මම නිවසින් එළියට බැහැලා බැලුවා. ඒ එක්කම මුහුණු ආවරණය කරගත් හතරදෙනෙක් ඇවිත් මගේ හිසට පිස්තෝලයක් තියලා, සී.සී.ටී.වී.කැමරා තියෙනවා නම් එය ක්‍රියා විරහිත කරන්නැයි කිව්වා. මම ක්‍රියා විරහිත කළා.
ඒ වෙලාවේ මගේ බිරිඳත් මාස එකොළහක දරුවත් මගේ අම්මත් හිටියා. බිරිඳට පිස්තෝලයක් එල්ල කරල ඇඳෙන් බහින්න දුන්නේ නැහැ. මම පසුගිය ආණ්ඩුව කාලේ නාස්තිකාර සංවර්ධනය හා දූෂණය කියල පොතක් ලිව්වා. ආපු අය ඒ පොත ගැන තමයි ඇහුවේ. ඊට අමතරව මගේ මුහුණු පොත ගැනත් ඇහුවා. උඹට වෙන වැඩ නැද්ද කියල ඇහුවා.
ආපු අයගෙන් දෙන්නෙක් සම්පුර්ණ මුහුණු ආවරණ දමාගෙන හිටියා. අනෙක් දෙදෙනත් මුහුණු ආවරණය කරගෙන හිටියා. එක් අයෙක් අතේ තිබූ දිග පිහියකින් මට පහරදුන්නා. එය වළක්වන්න මම අත අල්ලද්දි අත කැපුනා” යැයි කීය.
මේ සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දේශපාලන රංගනයක් විය හැකියි. සත්‍ය හෙළි කිරීම පොලිසියට බාරයි.
පෙර මග සලකුණු සුභ නැත. නැවතත් ඒ යුගය එළබෙන බවද මේ පෙරනිමිති ?
ගෝඨාට ජයවේවා !
ඇතුලෙන්ම කරගත්ත වැඩක් වගෙ. නාට්ටිය පටන් අරන්.
රංගනයක් කියලා හිතෙනවා.
ඕන තරම් දේශපාලන පලිගැනීම් වෙන්නෙ. දැනට පැමිණිලි දාහකට වඩා තියෙනවා. මේක එයින් තවත් එකක් විතරයිනෙ.
මේ බලු පොර සටන වෙලාවේම මෙසේ පහරදීම පුදුම හිතෙනවා. " මම පසුගිය ආණ්ඩුව කාලේ නාස්තිකාර සංවර්ධනය හා දූෂණය කියල පොතක් ලිව්වා" එනිසා මේ ආණ්ඩුව කාලේ මට ගැහැව්වා කියලද මේ කියන්නේ ? ඇයි ඒ ආණ්ඩුව කාලෙම ගැහැව්වේ නැත්තේ යන සරල පැනය කිසිවෙකු හට පැන නොනැගුනේ ? (අප කිසිවෙකුට පහරදීම හොදයි කියනවා නොවේ). අනේ මන්ද පහරදීම් වලින් කෙනෙකු ඡන්ද ගොඩ වැඩිකර ගන්න හෝ තවෙකෙකුගේ ඡන්ද ගොඩ අඩුකිරීමට උත්සහ දන්නවා නම් එම තැනැත්තා නිවටයෙකි යන්න හැමෝටම වැටහෙන කරුණක් නොවේද ?
කට්ටිය කවුද කියල නම් අල්ලන්න බෑ. ආණ්ඩුවේ රෙදි ගැලවෙනවා නේ.... හෙට දිනයටත් මෙවැනි නාටක බලාපොරොත්තු වන්න.
මේක මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. රටේ ඕන තරං දේශපාලන පලිගැනීම් වෙන්නෙ. මේකට විතරක් ප්‍රචාරය දෙන්නෙ මොකද. එහෙම නැත්තං ඒකත් රුපියල් දෙතුන් සීයකට කරපු තවත් රඟපෑමක් වෙන්නත් බැරි නෑ.
පරණ අදුරු සෙවණැලි යලි මතු වෙනවා. අනේ ලංකාව බේරගන්න. නැවතත් හිට්ලර් යුගයක් බිහි නොවේවා !
ගෝඨා ගැහුවනම් ඔහොම ගහන්නෙ නෑ. මේක හංස ගේමක්.
88, 89 භීෂණය දැන්ම ඉදලා පටන් අරගෙන.
අසාර්ථක නාටකයකි.
මෙය රගපෑමක් බවනම් පැහැදිලියි. මෙවැනි ක්‍රියා එකක් දෙකක් නෙවෙයි ගොඩක් උනා. මේවට දැන් මිනිස්සු රැවටෙන්නේ නෑනේ. මොකද මේවා දැන් මිනිස්සු හොදට දන්නවා. ඔය කියන සිද්ධිය ඇත්තක්නම් ඒකට මේ වෙලාව පහරදෙන්න තෝරාගන්නේ නෑ.
මේ නාටකයේ සුලමුල මොහුගෙන්ම දැනගත හැකියි.
මෙවන් රංගන එන බව කල්තියා දැනුම් දුන්න නිසා හොඳයි. නමුත් සමහර පක්ෂග්රාහී අය මන්ද බුද්දීකයන් මේවා දෙස බලන්නේ තමන්ට ඕන විදියටයි. අනික ඔහොම වැඩක් කරනවා නම් ඡන්දෙදාට ඉස්සරින් කරන මෝඩයෝ ඉන්නවද ? හැම මෝඩයම හිතන්නේ අනික් අය මෝඩයෝ කියලා. ඒකයි මෙහෙම මෝඩ වැඩ කරලා නාගන්නේ.
මේ ටිකත් එකතු වුණානං නාට්‍ය පිටපත සම්පූර්ණයි. ''මම පහුගිය ආණ්ඩුවේ නාස්තිකාර සංවර්ධනය සහ දූෂණය ගැන පොතක් ලිව්වා. හැබැයි මේ ආණ්ඩුවේ මහබැංකු මංකොල්ලය ඇතුළු දූෂණ ගැන මොකුත්ම ලියාගන්න බැරිවුණා. එළියෙ හිටපු එක්කෙනෙක් ළග කුරුඳු පොල්ලකුත් තිබුණා."
මහා අපබ්‍රංශයක්..! ඇයි මෙච්චර ප්‍රමාද වුනේ? පොත් ලිව්වට ගහනවා නම් මෙලහකට ගොඩක් අය ගුටිකාලා. අර “. .... රැජිනද” මොකක්ද කියලා ලියපු අය දැන් යස අගේට හිනහවෙවී එකට ඉඳගෙන ඉන්නේ..”!
රංගනය අසාර්ථකයි නේද? අනේ මෙහෙමත් හරක්. තමුන් හරක් වුණාට අනිත් මිනිස්සු මේවාට අහුවෙයි කියලා හිතනවා ඇති...
හිතාගන්න පුළුවන් රටට වෙන්න යනදේ.. එතකොට කෑගල්ලේ පොහොට්ටු මීටිමට ඇවිත් යනගමන් බස් එකෙන් ඇදලා කැලේට අරන් ගිය එකත් නාටකයක්ද?
ඡන්දෙ පහුවෙලා වුණා නම් හිතන්න තිබුණා. මේ වෙලාවේ කිසිම අපේක්ෂකයෙක් ඔය වැඩේ කරන්නේ නැහැ. අනිත් එක CCTV ඕෆ් කළා කියලා බොරුවක් කරන්න තිබුණනේ...
සුදු වෑන් ආපු නැති එකට සතුටු වෙන්න. ඔය ආවේ කසකාරයෝ... පෙරහැර පටන් ගත්තා විතරයි.
සීසීටීවී ඕෆ් කරන කථාවෙන්ම බොරු පැහැදිලිය. ඔය ආටක නාටක වලට අපි රැවටෙන්නේ නැත. මෝඩකමට අත කපා ගත්තාට අපිට කරන්න දෙයක් නෑ !
කොහොමද පොල්පොට් වැඩ?
රංගනයකට ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න තරම් මෝඩද? වැඩේ පටන් ගන්න හදන්නේ.