IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සේවිකාවට පහර දුන් යුවලෙගේ මනස පරීක්ෂාවට

(මනෝප්‍රිය ගුණසේකර)

කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහරදුන් සමාගම් හිමිකරුගේ හා ඔහුගේ බිරිඳගේ මානසික තත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.

සැකකරු කාර්යාල සේවිකාවට පහර දෙන්නේ සාමන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට නොවන අමානුෂික ආකාරයෙන් වන හෙයින් සැකකාර යුවළගේ මානසික තත්වය පරීක්‍ෂා කිරීමට නියම කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙලෙස මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට නියම කරන ලද්දේ කඳාන කේ.ඩී. එක්ස්ප්‍රස් කුරියර් සර්විස් ආයතනයේ හිමිකරු වන කසුන් මධුෂංක සහ ඔහුගේ බිරිඳ වන ප්‍රහර්ෂණී අරුණැලී යුවළගේය.

කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහරදුන්නෙන් යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර යුවළ පසුගිය 16 වැනිදා වැලිසර වැඩබලන මහෙස්ත්‍රාත් දිනුෂි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට නියම කෙරිණී.

මෙම පැමිණීල්ල යළි කැඳවනු ලැබු අවස්ථාවේදී සැකකාර යුවළ අධිකරණයේ පෙනී සිටි අතර සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසිය සැකකරු පැමිණීලිකාර කාර්යාල සේවිකාවට පහර දෙන අයුරූ දැක්වෙන සී”සී”ටී”වී” දර්ශන පරීක්‍ෂා කළෙළ් යැයි දැනුම් දුන්නේය.

එම සී”සී”ටී”වී” දර්ශන නිරීක්‍ෂණය කිරීමේදී ඔහු කටයුතු කොට ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට නොවන බව පැහැදිලි වන්නේ යැයි කී කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේවාවිතාරණ මහතා සැකකාර යුවළ මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්වය පරීක්‍ෂා කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකාර යුවළ රාගම රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සැකකාර යුවළගේ ඇපකරුවන්ට නියම කළේය.

මෙම පැමිණීල්ල නොවැම්බර් 27 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කෙරිණී.



අදහස් (6)

සේවිකාවට පහර දුන් යුවලෙගේ මනස පරීක්ෂාවට

Citizen Tuesday, 24 October 2023 02:43 PM

දැන් මෙන්ටල් කේස් කියලා වරදින් සහ නීතියෙන් ගැලවෙන්න පුළුවන් .මුන්ට ඇති මෙන්ටල් කේස් නෑ .තනිකර කුපාඩි කම.නීතියෙන් නැත්නම් ඉබේම හරි සුදුසු දඬුවම ලැබෙයි

:       1       24

Shan Tuesday, 24 October 2023 03:09 PM

සල්ලි වියදම් කරලා බේරෙන්න වෙෙද්‍ය වාර්ථා ගනියි. පොලීසිය අල්ල ගෙන වගේ.

:       1       32

Prabha Tuesday, 24 October 2023 03:44 PM

එහෙම තඩිබාලත් ඇප හම්බවෙනවානම් මොකද්ද ඒ නීතිය

:       1       23

අරවින්ද මොනරවිල Tuesday, 24 October 2023 04:07 PM

නීතියේ හිලෙන් රිංගන්න ක්‍රමයක් පොලිසියෙන්ම කියලා දෙන්ක ඇති... හොඳ ජරාවක් කාලා.

:       1       15

Rata Perata Tuesday, 24 October 2023 06:54 PM

එහෙනම් ප්‍රගීත්, ලසන්ත, පාස්කු ප්‍රහාර මහ මොලකරු වගේ හැමෝගේම මනස පරීක්ෂා කරන්න වෙයි. පිස්සු රටක්...

:       1       3

kasun Tuesday, 24 October 2023 07:19 PM

අනේ මේ නීතියත් අමුතුයි නේද? අර පොල් ගෙඩියක් හොරකම් කරපු එකට ඇප නෑ... මේ පාහරයින් දෙන්නට ඇප තියනවා. කාටද පිස්සු..?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site