IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ


(සුජිත් හේවාජුලිගේ)

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.

සාමාන්‍ය කොටස් ආයෝජනයන් සඳහා 2023 වර්ෂයේද ලැයිස්තුගත සමාගම් නවයක කර තිබූ රුපියල් කෝටි 439 කට වැඩි සාමාන්‍ය කොටස් වෙලා ආයෝජනයන් සඳහා 2019 වර්ෂයේ සිට ද  අර මුදලට ප්‍රතිලාභ ලැබී නොතිබුණු බව එම වාර්තාව සඳහන් කරයි.

ලැයිස්තුගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයෙන් රුපියල් කෝටි 500කට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබූ නමුත් එම සමාගම යටතේ ඉදිකිරීමට නියමිත වූ ඌටා සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු  ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

එම ආයෝජනය කර වසර 11ක් ගත වූවද කිසිම ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසය.

මේ අතර සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජික ගිණුමෙන් රුපියල් කෝටි9562 කට වැඩි මුදලක් 2023 වර්ෂයේදී  විවිධ හේතු මත එක් එක් සාමාජික ගිණුම් වලට  බැර කිරීමෙන් තොරව පැවතුන බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේය.



 



අදහස් (6)

සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ

බේරේ ගඳ නෑරේ Thursday, 24 April 2025 09:29 AM

රම්බොඩ ගුණරත්න යෝගා සහ තව නම් තිස් නවයක් දැන් කියයි මාලිමාව තමයි 2023 මේ ආයෝජන කෙරුවේ කියල.

:       2       20

Rata PerataThursday, 24 April 2025 11:29 AM

රම්බොඩ, ගුණරත්න, යෝගා වගේ කුලී ලියන්නට මෙහි අවකාශය ලැබන්නේ කොහොමද කියලා විමර්ශනය කරන්න ඕනේ.

:       0       6

අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 09:42 AM

රාජපක්ෂලා වික්‍රමසිංහ කල්ලිය වලට තිබුණ ලොකුම හිසරදයක් තමයි සේවක අර්ථසාධක අරමුදල, ඒකට වැඩේ දෙන හැටි මුන් දිවා රෑ කල්පනා කරන්න ඇති. මුන් දෙගොල්ල තවදුරටත් බලයේ හිටියා නම් භාණ්ඩාගාරයට කෙරුව දේ සේවක අර්ථසාධක අරමුදලටත් කරනවා.

:       4       13

vernonFriday, 25 April 2025 08:37 AM

ලැයිස්තුගත සමාගම් වල සාමාන්‍ය කොටස් ආයෝජනය කරාම ඒවට වාර්ෂිකව අනිවාර්යයෙන් ලාභංශ ගෙවීමක් සහතික වෙන්නේ නෑ. කොටස් වෙළෙඳපොලේ අයෝජනය කරන අය වගේම දන්නෙ නැත්නම් තැ‍රැව්කාර සමාගම් වලින් දැන ගන්න පුලුවන්. සමාගම ලබන ලාභය සමාගමේම ආයෝජනය කරන කොට සමාගමේ වර්ධනය එක්ක කොටස් මිල ඉහළ යනවා. එතකොට ඒ කොටස් විකුණලා ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන්. ඒක ප්‍රතිලාභයක්. මොනවා වුනත් දැනට තියෙන දත්ත අනුව නම් අරමුදල වාර්තාගත ලාභයක් ලබලා තියෙනවා. ඇයි ඒ ගැන කියන්නෙ නැත්තේ?

:       0       0

Kamal Koyrala Thursday, 24 April 2025 11:21 AM

බදුල්ලේ චාමරට උපදෙස් දුන්න කෙනා තමා මේකටත් උපදෙස් දෙන්න ඇත්තේ . වහාම මේ මුදල් වලට උන දේ සහ ඒකී සමාගම් මොනවද කියා හෙළි කළ යුතුයි

:       2       13

විජේසිරි Thursday, 24 April 2025 02:06 PM

50/55 වෙනකල් ඉන්නේ නැතිව මේවා ප්‍රතිලාභ දෙන්න බලන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site