IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සුව සේවක වර්ජනයට වාරණ නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස  වැඩ වර්ජන කිරීම වළාක්වාලමින්  කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ  මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා  එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද නිකුත් කළේය.

නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අනතුරුව ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගය කළ දිසාවිනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාරුවන්ට වැඩිදුරටත් නියෝග කළේය. 



අදහස් (17)

සුව සේවක වර්ජනයට වාරණ නියෝගයක්

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 February 2022 07:07 PM

ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනිය හෙද සේවය ආරම්භ කළේ උදාර සේවයක් කිරීමේ අරමුණින්.කාන්තාවන්ට පමණක් සීමාවී තිබූ හෙද සේවයට අද පිරිමිත් රිංගාගෙන ලෙඩුන්ගේ ජීවිත බිල්ලට තබා අරගල ස්ට්‍රයික් ආදිය කරනවා.එදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු ස්ට්‍රයික් අද සමන් රත්නප්‍රිය ලා ගෙනියනවා.ලෙඩුන්ට දෙවියන්ගේම පිහිටයි.

:       3       16

සුධීර Thursday, 10 February 2022 07:26 PM

විනිසුරුතුමාට මගේ ප්‍රණාමය හොරිකඩයන්ට විරුද්ධව දුන් තීරණයට.

:       6       15

නෙල්සන් මයිකල් Thursday, 10 February 2022 08:35 PM

මහා ජනතාවගේ පූජාතන්ත්‍ර වාදය නොරකින ආණ්ඩුව කරන දේවල් ගැන මහාජන තාව පක්ෂ පාට බේදයෙන් තොරව එකමුතු උනේ නැත්නම් ඉදිරියේදී වහාල්ලු වගේ තමයි ජීවත් වෙන්න සිද්ධබන්නෙ එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි රජයෙන් දෙන රු 5000.00 අරගෙන කට වහා ගෙන හිටියොත් අපේ දරුවන්ට අඹ සරණයි

:       14       12

Prase Thursday, 10 February 2022 09:05 PM

හුටා දැන් සැපද

:       1       15

Rohana Thursday, 10 February 2022 10:26 PM

නියමයි. අධිකරනය උත්තරීතරයි.

:       7       16

ajith Thursday, 10 February 2022 11:24 PM

කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස ජනතාව පීඩාවට පත් කරමින් වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු තීන්දුව අගය කරමි .අසනීපව රෝහලක වයිද්‍යවරුන් හෝ බෙහෙත් නොමැතිව සිටීමට අවස්තාවක් සමන් රත්නප්‍රිය ට උදා වූ දිනයක ඔහුට යතාර්ථය තේරුම් යනු ඇත

:       3       22

Sujeewa Thursday, 10 February 2022 11:49 PM

මුන්ට වාරණ නියෝග නොවේ හෙන හතක්ම වදින්න ඕනේ දුප්පත් අපට කරන පාප කර්මයට

:       3       19

පැරකුම් Friday, 11 February 2022 06:41 AM

රට මුහුණ දී ඇති මෙවන් අවදානම් සහගත අවස්ථාවකදී ඇති හොඳම විසඳුම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමයි. එමගින් සියළු දේ පාලනය කර රටේ සුභසිද්ධිය පිණිස කටයුතු කළ හැක. එසේ නොකරන්නේ මන්දැයි දන්නා කෙනෙක් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.

:       1       14

චන්දන Friday, 11 February 2022 08:26 AM

මේක තනිකරම දේශපාලන ගේමක් . සතියක් පාර්ලිමේන්තු ගිහිල්ලා හොයා ගනිපු කෝටි ගණන් සල්ලි කෝ?

:       1       24

Pradeep Kumara Friday, 11 February 2022 09:25 AM

කොහොමත් සමන් රත්නප්‍රියගේ වැඩ සහ මේ දිනවල පවත්වන වැඩ වර්ජන ගැන මගේ නම් පැහැදීමක් නෑ. නමුත් වැඩ වර්ජන වලට කොවිඩ් නිසා වාරණ නියෝග පනවලා දේශපාලන රැලි වලට අවසර දෙන එක නම් හිතා ගන්න බෑ. උසාවියත් දේශපාලනීකරණය වෙලා ද??

:       4       23

Saman Friday, 11 February 2022 11:18 AM

කවුරු වාරණ නියෝග දුන්නත් අපි අපේ ඉල්ලීම් දෙන තුරු අපේ වර්ජනය අඛණ්ඩව කරනවා

:       20       7

පැරකුම්Friday, 11 February 2022 11:42 AM

මේ තමයි පරාද රජයක නොහැකියාව. නීතිමය ප්‍රතිපාදන තිබියදීත් ඒවා භාවිත කිරීමට ඇති නොහැකියාවට හා නොදැනීමට බෙහෙත් නැත.

:       0       6

BamunuarachchiSaturday, 12 February 2022 04:30 PM

දිනපු රාජ්‍ය ලංකාවේ තිබුණාද? ඒවා ක්‍රියා කලේ කොහොමද කියලා අපිට කියන්න ගොබ්බ කතා නැතුව. මේ ආණ්ඩුව ජල ප්‍රහාරක වාහනවලට නිවාඩු දීලා...

:       0       0

suboda Friday, 11 February 2022 12:10 PM

කොහෙද මේ රට බන්කොලොත් කියල කියන්නෙ. මෙයා ට පිස්සු .ඉල්ලන්නෙ නැතුව දන්නෙම නෙතුව රජයෙ සේවකයන් ට රුපියල් 5000ක් පඩි වැඩි කරපු ආන්ඩුව මේක, රජයේ සේවකයන් ජනවාරි මස හා පෙබරවාරි මස එක් කරල රුපියල් 10000ක් එක් වර ගන්න කොට කොහොම ද. විශ්‍රාම වැටුප් ගන්න සීයල ට ආච්චි ලට ඊයේ රජ මගුල් ඉතින් .කෙලින්ම රුපියල් 10000ක් එක වර ලැබුනා නේ

:       0       5

Bamunuarachchi Friday, 11 February 2022 07:44 PM

මෙතැනින් නැවතුනේ නැතිනම් 1985 ජූලි වර්ජකයින්ට කළ දේ කරන්න...

:       2       2

කරුණාජීව Friday, 11 February 2022 09:37 PM

පණ්ඩිතකම තිබුණාට, ඒ වසර නිවැරදිව කියන්න දන්නේත් නැහැ...

:       0       1

BamunuarachchiSaturday, 12 February 2022 12:47 PM

වසර අදාළ නැහැ.. දඬුවමයි අදාල. වසර මොන කෙන්ගේඩියකටද? එහෙම දඬුවමක් දුන්නා කියන එකයි මතක් කරන්න ඕනේ. නැවත ඒ දඬුවම දෙන්න කියන එකයි ඉල්ලීම. ජනතාව එකතුවෙලා අඬු කැඩුවත් අපි සපෝට්. 1980 වර්ජකයින් 40356ටක රැකියාවල් නැතිවුණා. ජේ.ආර්.ට ඒ තිබුණු ඝට දැන් ඉන්න අයට නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 548 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site