IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුව සේවක වයස 60 සීමාව ඉවත් කරයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය හෙද සේවයේ විධායක පළමු අධි ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.

මෙම තීරණයෙන් පසුව වයස අවුරුදු 60 දී විශ්‍රාම ගන්වා ඇති ඉහත ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට අනුයුක්ත කරන ලෙසට නියෝග කරමින් රිට් ආඥාව නිකුත් කෙරින.

මෙම තීරණයට අදාළ අමාත්‍ය අමාත්‍ය මණ්ඩල තීරණ තහනම් කරමින් තහනම් නියෝගයක්ද නිකුත් කළේය.අභියාචනාධිකරණය මෙසේ තීන්දු කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එම්.ඒ.ආර් මරික්කාර් මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු අනුව රටෙහි අතිවිශාල හෙද නිලධාරීන් හිඟයක් ඇත.පසුගිය සය මාසයට පමණක් හෙද නිලධාරීන් 1000 ක පුරප්පාඩුවක් ඇති වී තිබේ.මෙම පුරප්පාඩු ඇති වී ඇත්තේ විදේශ ගතවීම සහ විශ්‍රාම යෑම හේතුවෙනි.මෙම තත්ත්වය තුළ රජයේ රෝහල්වල බරපතල අර්බුදයක් උද්ගත වී ඇත.මෙම තත්ත්වය තුළ රාජ්‍ය සෞඛ්‍ය සේවය බිඳ වැටීමට ලක්වීමට හැක.අලුත් පිරිසක් හෝ පුහුණු නිලධාරීන් පැමිණියද පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ හිඟය පිරවිය නොහැක.වග උත්තරකරුවන් ඊට පිළියම් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව අදාළ සහන ප්‍රදානය කරන බවද තීන්දුවේ සඳහන් වේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා පෙනී සිටියේය.



අදහස් (0)

සුව සේවක වයස 60 සීමාව ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site