IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සුව ඇමති සිංගප්පූරුවේ ලොකුම සෞඛ්‍ය සේවා ලොක්කන් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ විශාලතම සෞඛ්‍ය සේවා ආයතන සමූහය සහ රජයේ රෝහල්, ජාතික විශේෂිත මධ්‍යස්ථාන මෙන් ම  බහු සායන ජාලයකින් සමන්විත Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනන නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ සායනික කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පිහිටුවා ඇති යාපනය ප්‍රාදේශීය සහයෝගිතා මධ්‍යස්ථානය Regional Collaborating Centre (RCC) හි වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳව සහ සෞඛ්‍ය සේවා අංශයේ සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කරන අතරම දෙරට අතර පවතින හවුල්කාරිත්වයන්  ඉහළ නංවා ගැනීම යන කරුණු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්,  Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාලයේ  ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (වැඩසටහන් සංවර්ධන) විජය රාඕ මහත්මිය (Ms Vijaya Rao), Singhealth, හදිසි වෛද්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක මහාචාර්ය වෙන්කටරාමන් අනන්තරාමන් එමරිටස් (Prof Venkataraman Anantharaman Emeritus), සිංහෙල්ත් එමරිටස් උපදේශක සහ කලාපීය සහයෝගීතා මධ්‍යස්ථානයේ ප්‍රධානී, ඡ්‍යෙෂ්ඨ උපදේශක, ආචාර්ය ක්වා චොං ටෙක් (Dr Kwa Chong Teck), Singhealth ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාලය වෙනුවෙන් අයිරින් ඇන්ග් මහත්මිය (Ms Irene Ang), Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනයේ  පර්යේෂණ සහකාර වරුන් වන ආචාර්ය මෙන්ගිං උං (Dr Mengieng Ung), මහාචාර්ය රෙන්සෝ ගුයින්ටෝ (Prof Renzo Guinto), ඩියුක් විශ්ව විද්‍යාලයේ ගෝලීය පාරිසරික සෞඛ්‍ය පිළිබඳ  සහකාර මහාචාර්ය නිෂාඩ් ජයසුන්දර (Prof Nishad Jayasundara) සහ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරෙන් තිරකුමාරන් මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.



අදහස් (4)

සුව ඇමති සිංගප්පූරුවේ ලොකුම සෞඛ්‍ය සේවා ලොක්කන් හමුවෙයි

ගුණරත්න Sunday, 22 June 2025 03:38 PM

සිංගප්පූරුවේ සෞඛ්‍ය ලොක්කන්ට පුළුවන් සෞඛ්‍ය නගා සිටුවන්න නම් නොකළ යුත්තේ මොකක්ද කියන එක මොවුන්ගෙන් ඉගෙන ගන්න!

:       0       7

sene Sunday, 22 June 2025 03:45 PM

හමුවල පින්තූරවල කෙළවරක් නැහැ. බෙහෙත් නම් නැහැ... තිබුණත් ගන්න කාසිත් නැහැ. ඉතින් මොටද කාටද මේ?

:       2       8

de silva berlin Sunday, 22 June 2025 04:08 PM

සල්ලි වියදන් කරන, නිකන් පිටරට ගිහින් ලොක්කෝ හම්බුවෙලා අතට අත දීලා හිස් අතින් නැවත එනවා පේනවා මිසක්..., වැදගත් ක්‍රමවේදයක් සහ අදහසක් ඔවුන්ගෙන් රටට ගෙන එන බවක් පේන්නේ නැහැ. සිංගප්පුරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ jvp සමාජවාදී දර්ශනයට වැඩිය ගොඩක් වෙනස් ඇමැතිතුමා, හැම අංශයකින්ම සිංගප්පූරුවක් වෙන්න කතාකරනවා මිස ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවක් පේන්නේ නැහැ. රට තුළට ගෙන එන සැම දේටම අධික ලෙස තීරුබදු ගහගෙන, වෙළෙඳාමට ලෝකේ කොහේවත් නැති නීති පනවාගෙන, යුරෝපා සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අයකරගෙන, එම මුදල් වලින් අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් සිටින රජයේ සේවකයෝ නඩත්තු කරගෙන, පාඩු ලබන රජයේ ව්‍යාපාර දිගින් දිගට තියාගෙන සිංගප්පූරුවක් වෙන්න කතාකරන එක විහිළුවක්, සිංගප්පූරුවේ මේවා නැත.

:       2       11

prasanna Sunday, 22 June 2025 04:08 PM

මෙයාගේ සීයා තමයි, හඳ වට්ටන්න හදන පොලු වලින් ගැහුවේ...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 527 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2254 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site