
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
රාජ්‍ය හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගී වීමෙන් අනතුරු ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමියන් බැහැදුටුවේය.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වර්තමාන දේශපාලන තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ව මහා නා හිමිවරු දැනුවත් කළ අතර, මහනුවර ජාතික රෝහලේ අතරමඟ නවතා දමා තිබූ ඉදිකිරීම් ව්‍යාපෘති රජයේ මුදල් වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳවත්, සෞඛ්‍ය සේවාවේ පැවැති ගැටළු රැසක් අවම කිරීමට ක්‍රමවත් ව කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටපිරිකර අරගෙන පන්සල් ගානේ ගිහිල්ලා හරියන්නේ නැහැ හලෝ, රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පවතිනවා. ඒකට වහාම පිළියම් යොදන්න..
ඇමැතිතුමෝ ඉසිපිරිතාලේ බෙහෙත් නෑලු. රනිල්ට බැනලා එක විසඳන්න බැයිද?
සුව ඇමති කාඩිනල්ගෙන් හරි LTTE ඩයස්පෝරා උන්ගෙන් හරි ජූලී චුන්ගෙන් හරි පනිවිඩයක් අරන් වගේ...