(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණය හරහා ගමන් කරමින් සිටි තරුණියකට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කන අවස්ථාවේදී , තරුණිය අත තිබූ ජංගම දුරකථනයෙන් ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක ආධාරයෙන් කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි "හරා" නැමැත්තකු හා ඔහුගේ සහායකයකු බව පොලිසිය කියයි .
මොවුන් දෙදෙනා ස්කූටි වර්ගයේ යතුරු පැදියක යමින් මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කා ඉන් උපයා ගන්නා මුදලින් හෙරොයින් පානයට පුරුදු වූ දෙදෙනකු බව පැවසේ .
ඒ අනුව ස්කූටි යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණයේ මාර්ගයක ගමන් ගත් තරුණියක් නවතා ඇයගේ ගෙලට උල් පිහියක් තබා මරණීය තර්ජනය කොට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කා පළාගොස් තිබුණි .
COMMENTS
පලමුව හොරාව ඇල්ලුවා කියලා පලකිරීම ගැන ශාන්ත ප්‍රදීප්ට ස්තුතිය...! දෙවනුව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුලු සැමට හොරාව ඇල්ලුවාට ස්තුතිය මේ සමඟ...!
හොරාගේ නම රෝහිත... නම් අපිත් මෙයාව හඳුනනවා.
අර කළුතර…? රත්තරං….?
ලක්ෂ ගණන් වටිනා රත්තරන් පැලඳගෙන පාරේ ඇවිදින ගෑනුන්ටත් පිස්සු
නුවනැති කාන්තාවක්. හොරා එක්ක ගැහුවත් සෙල්ෆිය වටිනව . ඔය හොරු සතියකට නිවාඩු ගිහිල්ලා ආයෙත් රාජකාරි පටන් ගනී. එහෙම වෙන්නෙ ඇයි ?
සෙල්ෆි කියන්නේ තමන් විසින්ම ගන්නා තමන්ගේ ඡායාරූපයකටයි. මේක ඇල්ලුවේ සෙල්ෆි එකකින් නම් හොරාම තමයි තමන්ගේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.