IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලිසවාරි’මහාදිනුම්ඇදීමෙන් තවත්ජයග්‍රාහකයෝ 160ක්

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලිසවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 17 වැනි සංස්කරණයේ මහා දිනුම් දීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5 ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක්  දිනාගත් අතර තවත් පවුල් 5ක් මැලේසියාවේ සංචාරයක් දිනාගන්නා ලදී. තවද බණ්ඩාරගම පර්ල් බේතේමා උද්‍යානයේ එක්දින විනෝද චාරිකාවක්  සඳහා පවුල් 150ක් තෝරාගන්නා ලදී.

මෙසේ තෝරා ගනු ලැබූ රක්ෂණ ඔප්පු හිමි පවුල්, 2023 නොවැම්බර් මාසයේ පැවැත්වූ මධ්‍ය-ප්‍රවර්ධන දිනුම්ඇදීමේදී මැලේසියාවේ නිවාඩු දින සංචාරයකට තෝරාගත් ජයග්‍රාහී පවුල් පහ සහ පර්ල් බේ චාරිකාව සඳහා තේරී පත්වූ පවුල් 100 සමඟ එක්වනු ඇත. 

තුර්කියෙහි නිවාඩුව දිනාගත් වාසනාවන්ත සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහ කොළඹ, හොරණ, කඩවත, නුවරඑළිය සහ නෙල්ලියඩි යන ප්‍රදේශවල පිරිස් බව  සමාගම පවසයි.

මෙවර ෆැමිලි සවාරි වැඩසටහනෙන් සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පු හිමි පවුල් 265 ක පුද්ගලයන් 1060 කට ප්‍රතිලාභ ලබාදී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහනින්මේවනවිට ප්‍රතිලාභ ලබා ඇති මුළු සංඛ්‍යාව 35,000 ඉක්මවයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහයන්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.  



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලිසවාරි’මහාදිනුම්ඇදීමෙන් තවත්ජයග්‍රාහකයෝ 160ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site