සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡාවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත.
සැප්තැම්බර් 16 දින පැවැත්වීමට නියමිත මීළඟ ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව ප්‍රදානයේදී, ශිෂ්‍යත්ව ලබාගන්නා සිසුන්ට මෙය මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සමාගම පවසයි.
ඒ අනුව 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනකුට වසර පහක් පුරා වාරික වශයෙන් ගෙවීමට නියමිත වූ රුපියල් 120,000 වෙනුවට රුපියල් 240,000 බැගින් හිමිවන අතර, 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිසුන්ට පොරොන්දු වූ රුපියල් 84,000 වෙනුවට වසර දෙකක් තුළදී මාසිකව රුපියල් 168,000ක් හිමිවනු ඇත.
2021 අ.පො.ස. (උසස් පෙළ) සමත්ව අදාළ දිස්ත්‍රික්කවල ප්‍රථම ස්ථානයන් හිමිකර ගත් සිසුන් 25 දෙනකුට මෙතෙක් ලැබුණු මුදල වන රුපියල් 144,000, මේ අනුව රුපියල් 288,000 වනු ඇත. එසේම එම විභාගයේදී 02, 03 සහ 04 වැනි ස්ථාන හිමිකර ගත් සිසුන් 75 දෙනකු සඳහා මෙතෙක් එක් වරක් පමණක් ගෙවනු ලැබූ රුපියල් 30,000ක මුදල රුපියල් 60,000 දක්වා වැඩි කර ඇත.
මේ අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කර ඇත්තේ, 2021 සහ 2022 වසරවලදී ක්‍රීඩා, සෞන්දර්යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී ක්‍ෂේත්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ සිසුන් 10 දෙනකුට පිරිනැමුණු රුපියල් 35,000ක මුදලද ඉදිරියේදී රුපියල් 50,000 දක්වා වැඩි කෙරෙනු ඇති බවයි.
මෙම වැඩිකිරීම් හේතුවෙන් මේ වසරේ සෙලින්කෝ ලයිෆ් විසින් පිරිනැමීමට නියමිත ‘ප්‍රණාම’ ශිෂ්‍යත්වවල මුළු වටිනාකම රුපියල් මිලියන 11 සිට රුපියල් මිලියන 22.4 දක්වා වර්ධනය වනු ඇත. අද වන විට මෙම යෝජනා ක්‍රමය යටතේ සිසුන් 3,034 දෙනකු සඳහා රුපියල් මිලියන 177කට වැඩි මුදලක් ලබාදී ඇත. මෙසේ ‘ප්‍රණාම’ ශිෂ්‍යත්වවල නවතම සංස්කරණය සමගින්, සෙලින්කෝ ලයිෆ් මෙම අගය රුපියල් මිලියන 200 දක්වා ගෙන යනු ඇතිය.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෙලින්කෝ ලයිෆ් ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වටිනාකම දෙගුණ කරයි