IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෙලාන් බැංකුව මාර්ගගත කාඩ්පත් ගනුදෙනු වල ආරක්ෂාව ඉහළ දමයි

සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනු වල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 Protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන් බැංකුව මෙම ආරක්ෂක විධිවිධාන භාවිතා කරන මෙරට මුල්ම බැංකු අතරින් එකක් බවට පත් වී ඇත.

මෙමගින් Master සහ Visa කාඩ්පත් භාවිතා කරමින් මාර්ගගත ගනුදෙනු සිදුකිරීමේදී වංචනික ක්‍රියා සිදුවීමේ ඉඩකඩ අවම වන අතර, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තම ගනුදෙනු සම්පූර්ණ කිරීමටද අවස්ථාව ලැබේ.

මේ වනවිට ලොව පුරා පරිගණක, ටැබ්ලට් සහ ස්මාර්ට් දුරකථන වැනි උපාංග මෙන්ම Alexa සහ Google Homeවැනි Internet – of-things (loT) උපාංග භාවිතයෙන් ගනුදෙනු කිරීම බහුලව සිදු වේ. මෙම ක්‍රමවේද මගින් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හා ඉක්මනින් තම ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙන නමුත්, එම ගනුදෙනු වලදී වංචනික ක්‍රියා සිදුවීමට වැඩි ඉඩකඩක් පවතී. එම නිසා එවැනි වංචාකාරී ක්‍රියා සිදුවීමේ අවදානම වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

සෑම විටම ආරක්ෂාවට මුල්තැන දෙන සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ගේ චර්යා වෙනස් වීමට සාපේක්ෂව ගනුදෙනුවල සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් පියවර ගනී. මීට පෙර සෙලාන් බැංකුව තම කාඩ්පත් භාවිතයෙන් සිදුවන ගනුදෙනු වල ආරක්ෂාව සඳහා Three Domain Secure (3DS) Protocol භාවිතා කර තිබිණි. සෙලාන් බැංකුව දැන් 3DS 2.0  භාවිතයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා මෙසේ පැවසීය. 3DS 2.0 භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ශ්‍රී ලාංකික බැංකු අතරින් එකක් බවට පත්වීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වනවා. “මෙය ගනුදෙනුකරුවන්ට වැඩි ආරක්ෂාවක් මෙන්ම වැඩි පහසුවක් ලබාදෙන පියවරක්. අද දවසේ බැංකු මුහුණ දෙන විශාලතම අභියෝගයක් වන්නේ, වංචාකාරී ක්‍රියාවන් හඳුනා ගන්නා අතරම ගනුදෙනු වැරදි ලෙස ප්‍රතික්ෂේප වීම් අවම වන පරිදි, තාක්ෂණය හා ආරක්ෂාව සුසංයෝග කළ යුතු ආකාරය නිවැරදිව හඳුනා ගැනීමයි. මේ නව ආරක්ෂක විධිවිධාන මගින් වංචාකාරී ක්‍රියා සිදුවීමේ අවදානම අවම කරමින්, සෙලාන් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම වඩාත් පහසු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. මේ නිසා මින් ඉදිරියට, පෙරටත් වඩා වැඩි විශ්වාසයකින් යුතුව තම ගනුදෙනු සඳහා සෙලාන් කාඩ්පත් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන්ට හැකි වේවි.”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

සෙලාන් බැංකුව මාර්ගගත කාඩ්පත් ගනුදෙනු වල ආරක්ෂාව ඉහළ දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site