(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් අද එළිදැක්විණි.

2023 වසරේ තේ කර්මාන්තය ආශ්‍රිතව පැවති  ගැටළු ඉලක්ක කරමින් මෙම පර්යේෂණ 34 පත්‍රිකා සකස් කර ඇත.

තේ පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද National Symposium on Tea 2023 සම්මන්ත්‍රණයේ දී මෙම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්තය අමාත්‍යමහින්ද අමරවීර මහතා පැවසූයේ ලෝක තේ වෙළඳපොළේ දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාව බවත්  Ceylon Tea සන්නාමය නැවතත් ලෝක වෙළඳපොලේ  ජනප්‍රිය කරවීම සඳහා තේ ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගුණාත්මක භාවය ඉහල නැංවීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

තේ පර්යේෂණ ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ මෙම පර්යේෂණ පත්‍රිකා එළි දක්වා ඇතැයි ද එම පර්යේෂණ මඟින් මෙරට තේ වගාව උසස් තත්ත්වයකට පත්කිරීමට පියවර ගත යුතු බවද  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.