IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිලෝන් ටී” නමට නොසලකන හාම්පුතුන් ගැන ලැජ්ජයි

(අංජුල මහික වීරරත්න)

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක්  තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. 

ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බව කී වඩිවෙල් සුරේෂ් මහතා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා මේ බව කීවේ  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

හාම්පුතුන්ගේ සම්මේලනය වැටුප් නියම කිරීමේ කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට සහභාගී වීම දිගින් දිගටම මඟ හරිමින් සිටි බවත් රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අවස්ථාවේ දී ද ඔවුන්  මුනිවත රකිමින් සිටි බවත් මන්ත්‍රීවරයා කීය.



අදහස් (6)

සිලෝන් ටී” නමට නොසලකන හාම්පුතුන් ගැන ලැජ්ජයි

Bandara Friday, 03 May 2024 07:11 PM

අවුලක් නැහැ. පොහොර එහෙම ලාභයිනේ... පඩි විතරක් ගෙවලා තණකොළ වවමු...

:       13       22

Prabha Friday, 03 May 2024 07:45 PM

වතුකම්කරුවනේ, දුක විකුණන් කන මොන ආණ්ඩුව ආවත් ඇමැතිකම් කරන අයගේ කිඹුල් කඳුළු...!

:       5       25

රනේ Saturday, 04 May 2024 06:40 AM

NPP ආණ්ඩුවකින් තමයි සහන දිය හැක්කේ

:       13       6

Lakmal Saturday, 04 May 2024 08:12 AM

අහිංසක වතු කම්කරුවන් විකුණන් කන ඔබ ගැන රටේ මිනිස්සු විදිහට අපිට පිළිකුල්...!

:       0       5

Perera Saturday, 04 May 2024 08:19 AM

එහෙම නම්, වතුටික කම්පැණිවලින් ආපහු අරන් දවසකට 1700 නොවේ 2000 ගානේ දෙන්නකෝ නහයෙන් අඬන්නේ නැතිව..

:       0       4

Wije Saturday, 04 May 2024 01:33 PM

කපටි දේශපාලකයෝ නූගත් කම්කරුවන් අවුස්සලා, අපට රටට තියෙන අගනා එකම සම්පත ceylon tea නාමයත් විනාශ කරයි වගේ. රනිල් කරුණාකරලා මේ වැඩේ නවත්තන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site