(රන්ජන් කටුගම්පොල)

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා රැඳවුමි නියෝග යටතේ රඳවා තැබීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකොට ඇති පෙත්සමට මැදිහත්වීමට අවසර ලබාදෙන ඉල්ලා බෙංගමුවේ නාලක හිමියන් නැතුළු හිමිවරුන් පිරිසක්ද දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකොට තිබූ අතරමැදි පෙත්සම් අට අගෝස්තු 4 සහ 6යන දිනයන්හි සලකා බැලීමට තීරණය කළේය.

බෙංගමුවේ නාලක, අහුන්ගල්ලේ සිරි ගුනානන්ද, යාපනයේ සුගත වංශ සහ මැදගොඩ අභයතිස්ස යන හිමිවරුන්ද දොස්තර ගුණදාස අමරසේකර, දොස්තර වසන්ත බණ්ඩාර යන මහත්වරුන්ද ජාතික දේශප්‍රේමී ව්‍යාපාරයද මෙම පෙත්සමට පක්ෂවද අතර මැදි පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර පෙත්සමට එරෙහිව මැල්කම්  කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමා අතුරු පෙත්සමක් ගොනුකොට ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ

මෙම පෙත්සමිවල වගුත්තරකරු වශයෙන් රහස් පොලිස් ප්‍රධානියා ඇතුළු පිරිසන් නම් කර සිටිති