



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජපක්‍ෂ නමැත්තා, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයේ සිට මාරාන්තික උපවාසයක් අද (04) ආරම්භ කළේය.
තමන්ට සේවයට වාර්තා කිරීමට පාලනාධිකාරිය අත්තනෝමතිකව සාපරාධී ලෙස ඉඩනොදීම පිළිබඳව විරෝධය දක්වමින් තම ගැටලුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැන්වීමේ අරමුණින්, තම දෙමාපියන් ද සමඟ ඔහු උපවාසය ආරම්භ කළේය.
ඔහු පවසන්නේ 2005 වසරේ මාර්තු 15 වැනිදා සිට වසර 05ක් තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර , විශ්‍රාම වැටුප් හිමි තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, 2010 වසරේ අගෝස්තු 03 වැනිදා සිට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට සේවයට වාර්තා කිරීමට පාලනාධිකාරිය ඉඩ නොදීම නිසා මේ වනවිට වසර 10 කට වැඩි කාලයක් වැටුප් පවා නොලබා සිටීමෙන් තමන් ඇතුළු සිය පවුලම ඉතා අසරණභාවයට පත්ව ඇති බවය.
මෙම අසාධාරණයට සහනයක් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර එහිදීද තීරණය වී ඇත්තේ මෙය අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහුට වහාම සේවයට වාර්තා කිරීමට ඉඩ දෙන ලෙසය. එනමුදු විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා දැන් තම දුක්ගැනිවිල්ල කීමට ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යන්න. ජනාධිපතිගේ කකුල් ලෙවකාලා මහජනතාවගේ මුදල් කොල්ල කන්නද මේ දඟලන්නේ? අනික මේ දවස් වල අපේ බෝතල් පත්තර කාරයොත් ඇහැට පේන්නත් නැහැ.
"විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද නොසලකා හරිමින් කටයුතු කිරීම", මෙහෙම වෙලා නම් ඕක ජනාධිපතිට කියලා හරියන්නේ නැහැනේ.. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යටතේ ආපසු නඩුවක් ගොනු කරන්න.
නොදන්නාකමටමයි අහන්නේ... ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් නොවේදැයි පහදා දෙන්න.
මෙන්න 69 ලක්ෂයේ 2/3 කේ ප්‍රතිඵල වල ආරම්භය මේ පටන් ගත්තා විතරයි අපේ හාමුදුරුවනේ...
2/3 ක් දුන්නනේ... සැපද?
මසිරිපාල 20 වැනි සංශෝධනය යටතේ විධායකය තමයි ඔක්කොම කරන්නේ... හැබැයි එක රටක් එක්කෙනාගේ නීතියක්...
එක රටක්, එක නීතියක්.... මොකද කට්ටිය යන්න සුදු වෑන් එවන්නද?
සිරිපාල දැනගන්න විධායකය සියල්ලටම උඩින් ඉන්නේ. පොලිස්පති සහ විනිසුරුවරු පත් කරන්නේ කොමිෂන් සභා නොවේ. විධායකය ඒකයි මේ තරම් සාමකාමී එක රටක්, එක නීතියක් මේක සිරිපාල මහත්තයෝ...
ගරු අධිකරණයේ තීන්දු කියා නොකිරීම අධිකරණ අපහාසයක් සේ සලකා ක්‍රියා කිරීමයි කළ යුතු හොඳම දඬුවම් අත්තනෝමතික නිලධාරින්ගේ ක්‍රියා නිසා සේවා ක්ෂේත්‍රයම කඩා වැටෙන්නේ.
රටේ පොදු ප්‍රධාන නීතියේ ආධිපත්‍යයට රටේ ඕනෑම පුද්ගලයෙකු හෝ ඕනෑම ආයතනයක් අවනත විය යුතුමයි. එයට තමයි රටේ අධිකරණයක් තියෙන්නේ. මේ මහතා උද්ඝෝෂණයට ප්‍රථම ඉතිරි නීතිමය ක්‍රියාදාමයත් ගැනීමට වෙහෙස වුනා නම් තමයි වඩාත්ම හොඳ. මොහුට වූ අසාධාරණයට කිසියම් දේශපාලන හස්තයක් සම්බන්ධ නිසා මේ තීරණයට එන්න ඇති සමහරවිට... කරුණු කෙසේ වෙතත්, තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති කෙනා නිසා මොහු මෙවන් පියවරක් ගන්නත් ඇති...