(එම් .සුසිල් ප්‍රියන්ත)
පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සිසුහු මාදු ගඟේ දූපත්වල ගං ඉවුරුවලින් තුරන් වී ගිය දුර්ලභ ගණයේ කඩොලාන වර්ග යළි රෝපණය කිරීමට අද (11) පියවර ගත්හ.
කරන්දෙණිය මුත්තෙට්ටුව මාදු ගඟ වෙරළ පරිසර මධ්‍යස්ථානාධිපති පරිසරවේදී නලීන් ප්‍රසන්න මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය.
රටේ විවිධ ප්‍රදේශවල සරසවි සිසුහු මේ අපුරු පරිසර සත් ක්‍රියාව කිරීමට කරන්දෙණියේ මුත්තෙට්ටුව ගම්මානයට පැමිණියහ.
එසේ පැමිණි ඔවුහු මාදු ගඟේ දූපත් කරා මෝටර් බෝට්ටුවලින් ගොස් දූපත්වල ගං ඉවුරුවල කඩොලාන පැළ රෝපනය කළහ.
රෝපණය කිරීමට අවශ්‍ය කඩොලාන පැළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙනු ලැබීය. දූපත්වලට මෝටර් බෝට්ටුවලින් යන සිසුන්ගේ ජීවිතාරක්ෂාව සදහා ද නාවික හමුදාවේ ජීවිතාරක්ෂකයින් යොදවා තිබිණි.
දිවයිනේ විශ්ව විද්‍යාලවල සිසුවෝ 70 ක් මේ සඳහා එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සරසවි සිසුහු මාදු ගඟේ කඩොලාන සිටුවති
Yasapala Ponnamperuma Friday, 11 September 2020 10:16 AM
හොඳ අදහසක්... මෙම ව්‍යාපෘතියට මමත් මගේ ආචාරය පිරිනමනවා.
Raveendra Friday, 11 September 2020 10:29 AM
පුතේ දුවේ ඔබලාගේ මෙම උත්සාහය සාර්ථක වේවා..!! ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා..!! ඔබලාව මෙලොවට බිහිකළ ඒ ආදරණීය දෙමාපියන්ටද යහපතක්ම වේවා !!! තමන්ගේ මෙන්ම අනුන්ගේද වටිනා කාලය මෙන්ම මහජන දේපල කාබාසිනියා කරන "අන්තරේ ඉන්න අයට මෙවන් වැඩදායි යමක් රට වෙනුවෙන් කිරීමට මොලය පෑදේවා...!!!
සෑම් Friday, 11 September 2020 10:48 AM
හොඳ වැඩක්... ඒත් කිඹුළන්ගෙන් ප්‍රවේසම් වන්න..
බද්රානි Friday, 11 September 2020 10:57 AM
දැන් ඔය කඩොලාන පැළ හිටවන එකත් අර කඩොලාන හා වනය විනාශකරන ව්‍යාපෘතියේම කොටසක්ද කියලා හිතාගන්න බැරිවයි මම නම් ඉන්නේ.. වැඩ දෙකම එකවර සිදුවෙන විට, තමන්ගේ වැඩේ කර ගන්න එක හරිම පහසුයිනේ නේද? කැලේ කපන එකට කිසිම විරුද්ධත්වයකුත් නැහැ.
රුචිත්Sunday, 13 September 2020 12:57 PM
නැන්දේ, අපි තමයි එකතු වෙලා මේ ව්‍යාපෘතිය සිද්ද කරේ... ලංකාවේ මේ දවස්වල වෙන දේවල්වල හැටියට ඔයා කියන එක නොවෙන්නත් බැරි කමක් නෑ. නමුත් පොඩි එවුන් ටිකක් වුණත් අපි තේරුම් ගත්ත දෙයක් තියෙනවා.. මේ රට උඩ ඉඳලා පහළට දියුණු කරන්න බැරි බව. ඉතින් උඩ ඉන්න මිනිස්සු විනාශ කරනවා නම් අපි පහළ ඉඳං ඒවා හිටවමු. එහෙම වුණොත් කවදාහරි ඔවුන්ටත් එහෙම නොකර රැකෙන්නට බැරි වේවි උඩ තැන් වල...
බද්රානි Wednesday, 16 September 2020 10:55 AM
රුචිත් පුතාගේ සංකල්පය හා ක්‍රියාව මම හදවතින්ම අගය කරනවා. නමුත් ඔබ අසා තිබෙනවද "උන පුරුකේ දැම්මත් බලු වලිගයේ ඇදය නැරෙයි" කියලා. ඒ නිසා එවැනි සුන්දර බලාපොරොත්තු නම් සිහිනයක්ම තමයි. බොහෝවිට මෙවැනි විනාශකාරී ව්‍යාපෘති වල නිරත වෙන්නන්, ඔවුන් කරන ක්‍රියාවට හාත්පසින්ම වෙනස් ක්‍රියාව කරන පිරිසක්, ඔවුන්ගේ අතකොලු හා ඉත්තන් වශයෙන් යොදා ගෙන ඔවුන්ව පාවිච්චි කරනවා . මෙහිදී සිදුවන්නේ, මෙම අවකල් ක්‍රියාව දකින යහපත් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමුවීමයි. ඒ වාසිය ගන්නේ පරිසරය විනාශ කරන මේ අමනයින්මයි. තරුණ ප්‍රජාව ලෙස අප කල යුත්තේ, මේ පරිසරය හා ඓතිහාසික නටබුන් විනාශ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජයට බල කිරීමයි. අවාසනාවකට අපේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව ගෙන් බහුතරයක් රැල්ලට ගහගෙන යන පරඬල්, පුහු පොල් ගෙඩි වාගෙයි.
kamal Friday, 11 September 2020 11:03 AM
ඉතාම වටිනා වැඩක්... සහභාගී වූ සැමට පින්... සහභාගී නොවූ අයට හිතක් පහළ වේවා..!!!
Puppa Saturday, 12 September 2020 01:32 PM
අර සුදු ඇඳගත්ත මහජන නියෝජිතයන් කියන ගොන් තඩි ඔතන නැති එක ලොකු දෙයක්...
LAWRENCE PERERA Sunday, 13 September 2020 02:44 AM
ඔක්සිජන් කන්නද අැමති කෝ?
champika gamage Sunday, 13 September 2020 05:25 AM
ඔබලාව හොරු රජ පුටුවේ ඉන්දවලා... මට පව් කියලා හිතෙනවා. නුඹලා කරන වැඩේ හොඳයි, ඒවා විනාශ කරන්න දෙන්න එපා. ඔබලාට ජය...!!!
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 September 2020 03:13 AM
ඉතාමත් හොඳ පරිසරකාමී ක්‍රියාවක් .. ඉහළින්ම අගය කරමු. රටේ සිටින ඉහළම බුද්ධිමතුන් පිරිස මෙවන් දේට යොමුවීම ගැන කිසිදු විවාදයක් නැහැ ප්‍රශංසා කලයුතුමයි. රටේ කිසිදු වැදගැම්මක් හෝ උගත්කමක් නැති පරසර පාළුවන් අපගේ පරසරය, ගහකොළ වනසන යුගයක ඔබ වැන්නන් කරන මේ වැනි පරසර ක්‍රියා අප මවුබිම රැකගැනීමට පරසරය රැකගැනීමට කරනා සුවිශේෂී කර්තව්‍යයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබ සැමගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ... !!! ස්තුතියි.