IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සරසවි සිසුන් මාස හතරක් සමාජ සේවා වැඩට

(අංජුල මහික වීරරත්න)

විශ්වවිද්‍යාල වල ප්‍රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට  පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.  

ලබන වසර සඳහා මෙරට විශ්ව විද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ද එම සිසුන් විශ්ව විද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

විශ්ව විද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද රාඝවන් මහතා කීය. 

මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද  සුරේන් රාඝවන් මහතා පැවසීය.  

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.    



අදහස් (8)

සරසවි සිසුන් මාස හතරක් සමාජ සේවා වැඩට

primeshika Friday, 15 December 2023 10:17 PM

ඇමැති කළින්ම ළමයි ටිකට නවක වදය දීලා යවන්න වගේ ලෑස්තිය...

:       0       0

Bamunuarachchi Friday, 15 December 2023 10:52 PM

මොවුන්ගේ ප්‍රචන්ඩත්වය නැති කරන්න ඔබ‍ට නොවෙයි, සක්කරයාගේ පුතා වයිමාටවත් බැහැ. ඒ තරමට පාහර ජෙප්පෝ මොවුන්ගේ මනස විකෘති කරලා තිබෙන්නේ... හැදෙන්න නම් මේ අය... එක්කෝ සමාජයෙන් බැටකන්න ඕනේ. නැතිනම් කට සැර ගැහැනියක් කසාද බැඳගෙන උන්දෑගෙන් ගුටි කන්න ඕනේ...!

:       0       0

Prabha Saturday, 16 December 2023 04:30 AM

ඕක පටන් ගන්න ඕනේ ගෙදරින්...!

:       0       0

Saman Saturday, 16 December 2023 07:14 AM

වි.වි විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ අයත් සමාජ සේවාවට දැම්මොත් හොඳයි.... මිරිස් කුඩු ගහන එක, පුටුවලින් ගහන එක, මයික් කඩන එක, කතාවට බාධා කරන එක... ඒවාත් ප්‍රචණ්ඩත්වය තමයි...!

:       0       0

nish Saturday, 16 December 2023 10:03 AM

ඔවුන්ව දුශ්කර පාසල්වල උගන්නන්න දාන්න

:       0       0

චන්දිම ෆොන්සේකා Saturday, 16 December 2023 12:02 PM

ඒ ළමයින්ට කන්න බොන්න වත් කියක් හරි දීලද ඕව කර ගන්න හදන්නේ නැත්නම් ඒ වියදමුත් ඒ ළමයි දරා ගන්න ඕනිද ඔහෙලගෙ සමාජ සේවේ කරන්න ?

:       0       0

Prabath Saturday, 16 December 2023 12:25 PM

මානව ශාස්ත්‍ර පීඨ වල ඔක්කොම අයගේ කයිවාරු විතරයි වැඩ කරන්නේ නැහැ .උදේ ඉඳන් හවස් වෙනකම් කතා කරයි වැඩ නැහැ

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 December 2023 01:05 PM

විශ්ව විද්‍යාල ප්‍රචණ්ඩත්වය ගැන හොයන්නට කලින් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයින්ගේ ප්‍රචණ්ඩත්වය ගැන කිසියම් පියවරක් ගැනීම නේද වඩා හොඳ? ඇස් ඉදිමෙනකන් නිදිවරාගෙන පොත් බලලා ඉහළ සුදුසුකම් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන සිසුන්ගේ පරිපාලන කටයුතු කිරීමට මේ රටේ ඉන්නා දේශපාලකයින් කෙතරම් දුරට සුදුසු දැයි විටෙක සිතෙනවා. ඉස්කෝලේ දෙකට තුනට ගිහිල්ලා කෝච්චියේ වඩේ විකුණපු අය, කෝච්චියේ මාල කැඩූ අය, කුඩ්ඩන්, හොරුන්, මිනීමරුවන් වැනි අයද සිටිනා පාර්ලිමේන්තුවේ ඉන්න අය විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා උපදෙස් දීම ලොව හිනස්සන විහිළුවක් සේ පෙනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site