
(නිමල කොඩිතුවක්කු)
වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය. තම ගැටලු නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රීයාත්මක කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාරික මණ්ඩලයේ 15%ක වැටුප් කප්පාදුව සහ අනෙකුත් ඉල්ලීම් පිළිබඳව වසර 07 ක කාලයක සිට සිදුකරන ඉල්ලීම් පිළිබඳව බලධාරීන්ගේ නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අනධ්‍යන සේවකයන් යොමුවී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී. ඒ. ඩී. සුරංජීව මහතා පැවසීය .
පේරාදෙණිය - ෂේන් සෙනෙවිරත්න

සබරගමුව - ප්‍රින්ස් රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම විශ්වවිද්‍යාල පද්ධතියක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් විදියට වැඩ කළා. මම කියන්නේ යුජීසීය යටතේ ඕනෑම විශ්ව විද්‍යාලයක 11 ශ්‍රේණියේ ගුරුවරයකුට වඩා වැඩි වැටුපක් කාර්යාල සේවකයක කෙනෙක් හෝ වැඩ සහයකයෙක් ගන්නවා කියන එක විතරයි. මොනතරම් කණගාටුවක්ද? 111 ශ්‍රේණියේ කළමනාකරණ සහකාරවරුන් බඳවා ගනු ලබන්නේ අමාත්‍ය ලැයිස්තුව අනුව ප්‍රායෝගික ක්‍රමයක් ලෙසය. යුජීසීය ක්‍රමයේ බොහෝ අතිරික්තයන් තිබේ. උදාහරණයක් ලෙස, යුජීසීය අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ලිපිකරුවෙකු සඳහා වන වැටුප් සූත්‍රය මෙන්න> රු. 36,000 මූලික ජීවන වියදම් 55% අමතර දීමනාවක් ලෙස 7700 වැටුප් ගැලපීම 2016 චක්‍රලේඛයට අනුව අධ්‍යාපනඥයාට ලැබෙන අධ්‍යයන දීමනා නිසා ඔවුන් වැඩිපුර ඉල්ලා සිටිති. මෙම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ බහුතරයක් සුදුසුකම් ලත් දේශපාලන පත්වීම් යටතේ සිටින බැවින් ඔවුන් සියල්ලෝම ඇත්තෙන්ම මේ රටට ශාපයකි. දවසකට ලියන්න පුළුවන් ඒත් මෙතනින් නවතිනවා.
මුන් කොහොමත් කරන වැඩක් නෑ... Ice කඳු මුන්....
මේවා රටා කඩාකප්පල් කරන වැඩ .අප්‍රේල් පඩිය ගන්නකම් ඉඳලා වර්ජනය කරන්නේ මැයි ඉවර වෙලා ජුනි වෙනකම් ඉන්න ද්නෙන ඕනේ .ආයේ ස්ට්‍රයික් නොකරන්න මේ යකාට පඩි ගෙවන්න ජනතාවට වැට් ගහන්න දේශපාලකයන්ගේ පක්ෂ අරමුදල් වලින් ඉල්ලගන්න
අනේ අපොයි විභාග වලට පෙනී සිටීමට නියමිත විවි දරුවන් ගේ අනාගතය රජයත් මොවුනුත් එකතුව බිල්ල ට අරන්