
( අමදෝරු අමරජීව සහ සුගත් බද්දේගෙදර )
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
දහවල් එකොළහයි හතළිස්පහට පමණ වන අලියෙකු කඩා වැදී ඇති අතර පාසල් සිසුන් පන්ති කාමර වල රඳවා අලියා ඉවත්ව යන තෙක් සිසුන්ට ආරක්ෂාව සැපයීමට ගුරුවරු යුහුසුළුව කටයුතු කළහ .
සේරු විලට ජලය පානය කිරීමට පැමිණි අලි අතර සිටි මෙම තනි අලියා හදිසියේම ප්‍රධාන දොරටුවෙන් පාසලට ඇතුළු වෙද්දී සිසුන් කෑගසද්දි එම සිසුන් පන්ති කාමරවල රඳවාගෙන ආරක්ෂාව සැලසූ බව විදුහල්පති රංගන මුතු කුමාරණ මහතා පැවසීය .
ප්‍රධාන දොරටුවෙන් ඇතුළු අලියා පාසල පිටුපස වැටෙන් කැලයට ගිය බවද විදුහල්පතිවරයා කීවේය.
විදුහලට තාවකාලික විදුලි වැටක් ඇතත් එය නඩත්තු නොකිරීම නිසා අබලන් තත්ත්වය පවතින බවත් මේ හේතුව නිසා මෙම අලි තර්ජන නිරන්තරයෙන්ම පාසලට තිබෙන නිසා සවස් වරුවේ සිසුන්ට අමතර ඉගැන්වීම් සිදු කිරිමට නොහැකිව ඇතැයි විදුහල්පතිවරයා කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා වුණත් කමක් නැහැ. සුදුසු පන්තියකට ඇතුළත් කරගන්න තිබුණා.
අලියා එන්නේ කෑම සුවඳට. විශේෂයෙන් පලතුරු සුවඳට. අලිවට තිබුනොත් පලතුරු සුවඳ ආවොත් වැට කඩාගෙන එනවා. දරුවන්ගේ සහ ගුරුභවතුන්ගේ කෑම පෙට්ටිවල මහා පිටතට සුවඳ නොයන පරිදි හොඳින් වසා තබා ගන්න. ඒ වගේම කිසිඳු ආහාරමය අපද්‍රව්‍යයක්පාසල් භූමියේ තබන්න එපා. අත්දැකීමෙන් මම කියන්නේ..!