(අජන්ත කුමාර අගලකඩ)
රට මුහුණ දී තිබෙන අරබුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව, පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව ,එහි වගකීම ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතු යැයිද ජනාධිපතිවරයා පක්ෂ නායකයන් වෙත ඊයේ (27)ලිඛිතව දැනුම් දී ඇත.
එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට,ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයන් ද සමග සාකච්ඡාවක් හෙට පෙරවරු 10:30 ට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපතිවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.
එබැවින් ,ඒ සම්බන්ධයෙන් සිය පක්ෂවල අදහස් හා යෝජනා ද සමග හෙට රැස්වීමට නොවරදවාම සහභාගි වන ලෙස ද ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත.
රටේ ඇතිව තිබෙන සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්,කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන පක්ෂ හා පොදු ජන සංවිධාන ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම් සලකා බලමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට යැවූ ලිපියේසඳහන් කර ඇත.
මේ අතර ,ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද ජනාධිපති මන්දිරයට අද සවස 4.00 ට කැඳවා ඇත.
අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි යෝජනා කළ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනා ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ සහ ස්වාධීන වූ පක්ෂවල නායකයන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ,අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් ද හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමෝම කරන්නේ කල් මරන එක විතරයි. ඉත්තෝ මාරු කරලා මේ ප්‍රශ්නෙට විසදුම් නෑ
මෙවැනි පූර්ණ බලය සහිත, අදූරදර්ශී මෙන්ම භිතුවක්කාරී අයෙකු නායකයා ලෙස තබා ගනිමින් කරන කිසිම ආණ්ඩුවකට ගැටලු විසඳිය නොහැක. ස්වාධීන වූවා යැයි පවසන පිරිස සහ තවත් බල හා මුදල් තණ්හා සහිත කීප දෙනෙකු හැරෙන්න විපක්ෂයේ සහයෝගයක් මෙම උප්පරවැට්ටියට හසු නොවනු ඇත. ගොවිතැන විනාශ කලා මෙන්, උද්දච්ච, මෝඩ තීරණ නැවතත් ගෙන, අවුරුද්දක් දෙකකින් පසු මගේ තීරණය වැරදුනා ලෙස කිවහොත් ඒ වන විට අන්තයටම පිරිහී තිබිය හැක.
මේ කතා කරන්නේ රට ගැන හිතලා මිසක් මහින්දට කැමැත්තෙන් නෙවෙයි. කිසිම හේතුවකට මේ වෙලාවේ අගමැති ජනාධිපති අයින් කරන්න එපා. එහෙම උනොත් කිසිම ආයෝජකයෙක් නැති වෙනවා. කිසිම ආර්ථික මර්මස්ථානයක් ස්ථාවර කර ගන්න බැරි වෙනවා. ඉවසන්න බැරිම වෙලාව තමයි ඉවසිය යුතුම වෙලාව. මම කණගාටු වෙනවා මගේ සගයන්ට මේ දේ තේරුම් ගියත් හැගීම් වලට වහල් වෙලා කටයුතු කිරීම ගැන. කරුණාකරලා රට ගැන සහ ඔබ ගැන ආදරයක් තිබෙනවා නම්, කිසිදු ආකාරයකින් දේශපාලන අස්ථාවරභාවයකට ලක් වන කිසි දෙයක් කරන්න එපා කියලා බොහොම ආදර ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටට අවශ්‍ය රාජ්‍ය පිහිටුවලා අනාගතයේ රට ගොඩ ගන්න කතා කරන අන්දරේලා නෙමෙයි (පර්වත ගල කර උඩ තිබ්බොත් ගෙනියන්නම් වර්ගයේ). තමන්ගේ යුතුකම ගෙදර වත්තේ හරි මහල් නිවසක තිබෙන පෝර බෑග් එකක හරි පොඩි එලවලු ගහක් හරි ඉන්දලා රටේ ආර්ථිකයට ශ්‍රම දායකත්වය දෙන අයයි. කරුණාකරලා වීදි බැහැලා කම්මැලියන්ගේ සටන ඉදිරියට ගෙනියන්න එපා. කරුණාකරලා තමන්ට හැකි නම් ඊ-බේ වගේ වෙබ් අඩවි භාවිතා කරමින් හැකි දේවල් පිටරටට විකුණන්න උත්සාහ ගන්න. ඩොලර් රටට ගේන්න උත්සාහ ගන්න. නොහැක්කක් නොමැත! අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා...
ජනපතිතුමනි,රට දැන් බංකොලොත් වෙලා ඉවරයි.ඇයි ඔබතුමාලාට රටේ ජනතාවට තියෙන අනේකවිධ කරදර පේන්නේ නැත්තේ... ? අසාර්ථක ඔබතුමන්ලා දැන්වත් ඉවත්ව ගොස් රට ගොඩගැනීමට හැකි පිරිසකට රට බාරදෙන්න.රටේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් ඔබතුමා හා පොහොට්ටු ආණ්ඩුව බලයේ සිටියොත් හරි කියනා අන්ධ විශ්වාසයෙන් දැන් හෝ ඉවත්වන්න.පොලීසියෙන් නිරායුධ මිනිසුන් වෙඩි තබා මරා දමා තවත් අයට තුවාල කරනවා. රටේ ජනතාවට සාමකාමීව තමන්ගේ ආර්ථික පීඩාව ගැන නිරායුධව කියන්න තරම් නිදහසක් නැතිකර දමලා.දැන් මේ රටේ තියෙන්නේ,හමුදා පොලිස් බලය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙන බිහිසුණු ඒකාධිපති රාජ්‍යයක්.රටේ නීතිඥ ප්‍රජාව හා අධිකරණය,උගතුන්,සමාජ ක්‍රියාකාරිකයන් නොසිටින්නට මේ රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි.
මෙම ආරාධනය පිළිගෙන තමන්ට ද රට පිළිබද හැගීමක් ඇති බව ජනතාවට පෙන්වා සිටීමට අනෙකුත් දේශපාලන නායකයන්ට අවස්ථාව ඇත. මස් රාත්තල ඉල්ලා ඩෙගා නටන ගෝල් ෆේස් කල්ලිවලට ද තමන්ගේ විසදුම් ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක් නොවේද!
සාකඡ්ඡා කර කර කල් මරපල්ල .රටට කෙල වෙලා ඉවරවෙනකම්
ඔය මොක පිහිටෙව්වත් වැඩක් නැහැ. රාජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රිකරණය නොකළොත්. ඒ වාගේම ආර්ථික ක්‍රියාවලිය ද එලෙසම විය යුතු ය. රාජ්‍ය සේවය හා අධිකරණය අනවශ්‍ය අත පෙවීම් වලින් නිදහස් විය යුතු ය. ඒ වාගේම වර්තමාන ආර්ථික තත්වයන් ගොඩ එන්නනම් නිෂ්පාදනය වැඩි දියුණු කළ හැකි විය යුතු ය. වැව් වටේ ගල් අල්ලන්න යනවා වගේ පුහු වැඩවලට ණය ගැනීම නොකළ යුතු ය. ඒක නම් ගෝටාගේ මාර පිස්සුවක්. සර්ව පාක්ෂික රජයකත් ඒ පිස්සුවම කෙලියොත් තමා වැඩේ.
මේ ජනාධිපති පුටුවේ ඉන්න ගෝඨාභයට මහජනතාව කියන දේ තේරුම් ගන්න බැරිද..?මේ රාජපක්ෂලා මේ රටට පුදුම කරුමයක් වුණා.
මෙසැරේත් ෆේල් සර්. ගෝ හෝම්.
මාසයක් තිස්සේ ඕක තම ස අපි කිව්වේ,දෙය්යන්ගේ නාමෙට ඒකට නම් පවුලේ අය ගන්න එපා. ගත්තොත් ඔක්කොම කනවා.
අපිට ඕනෙ මහින්ද මහත්තයා ගේ ආණ්ඩුවක් විතරයි ,සර්වපාක්ෂික කතා අපිට එපා,
දීප ව්‍යාප්ත ජනඅරගලයේ තේමාව ජනාදිපති ඇතුළු පාර්ලිමේන්තුවම යායුතු බවයි. එයවත් නොතේරෙනවානම් අරගලය නොනවත්වා ඉදිරියටම යාවි. රාජපක්‍ෂල ගියොත් රට අරාජික වේවිලු.අරාජික වෙන්න තව ඉතිරිවෙල නැහැ.
මෛත්‍රී කවදාවත් ගෝඨාට විරුද්ධව යන්නේ නෑ. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්..