(අරුණ ඩයස්)
අද මේ රටේ ඇති වි තියෙන ප්‍රශ්න විසදිම සදහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතු යයි ත්‍රෛයිනායික මහා නායක හිමිවරුන් කළ යොජනාව අපි කියලා වසරක කාලයක් ගතවුණත් ඒ සදහා රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (2) වලපනේ දි පැවසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය හා වලපනේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සේනක අබේගුණසේකර මහතාගේ වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන කාර්යාලය වලපනේ නගරයේ විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ (2) දින සහභාගිවෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තව දුරටත මෙසේ ද පැවසිය.
‘‘අවුරුදු හතකට විතර පස්සේ ඒ නමි 2015 ජනාධිතිවරණයට වලපනේ ප්‍රදේශයට පැමිණියාට පසු නැවත වලපනේට පැමිණිමට ලැබිම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. වලපනේ ප්‍රදේශය ගැමි පරිසරයක් තියෙන කෘෂිකර්මාන්තය මුල් කරගත් ජනතාවක් ජිවත්වෙන මේ දුෂ්කර ප්රදේශයෙත් අනෙකුත් දුෂ්කර ප්‍රදේශවල ජනතාවත් ගත කරන්නේ දුෂ්කර ජිවිතයක්. අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ ගැන නෙවෙයි. සිවිල් සංවිධාන අපි එකට හමුවුණා අද අපි සාකචිජා කරන්නේ අද මේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න අපි සියලු දෙනා එකට එකතුවෙලා මොන විදියේ වැඩ පිළිවෙලකටද යායුත්තේ කියලා දේශපාලන පක්ෂ කාලයකට අමතක කරලා ඒ ගැන සිතන්නේ.
මිනිස්සුන්ගේ ජිවිත ගත්තාම හොදින්ම දන්නවා මහාපාරේ පොලිමිවල තියෙන තත්වය.පොලිමිවල ජනතාව මිය යනවා.රොහල්වල බෙහෙත් නැ.බෙහෙත් ගෙනි යන්න ඉන්ධන නැ.ගෙදර කුස්සියේ උයන්න ගැස් නැ.අහාර හිගය බඩු මිල සියලු දේවල් සමග කෘෂිකර්මාන්තයේ බරපතල ඇද වැටිමක් පොහොර පිළිබදව රජය ගත් තිරණ නිසා මේ සියලුඉ ප්‍රශ්න ආණ්ඩුව හදා ගත් ප්‍රශ්න දැන් මේ රටේ ජනතාව උද්ඝොශණ කරන්න පාරට බහින්න පටන් ගත්තේ රජය ගත් තිරණ නිසා.
රසායනික පොහොර හදිසියේම නැවත්තිම නිසා මුළු රටේ ජනතාව විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ නියළී සිටින ගොවීන් පාරට බැස්සා. බරපතළ උද්ඝොෂණ තත්ත්වයක් ඇති වුණා.එළවළු ද පලතුරු ද ධාන්‍ය ද තේ ද වෙනත් අපනයන බොග ද ඒ සියල්ලටම මේ ප්රශ්නය බලපැවා. මම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට මේ තිරණය ඇර ගෙන සති දෙකකට පස්සේ මම ඒ තුමාට ටැලිපොන් කරලා කිවුවා ජනාධිපතිතුමා මම මහවැලි අමාත්‍යංශය අවුරුදු දහහතර හමාරක් කරලා තියෙනවා. මම වික්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඉදලා තියෙනවා. මගේ පාර්ලිමේන්තු කාලය අවුරුදු තිස්තුනක් පැනලා තියෙනවා ජනාධිපති තනතුර දරන කාලයෙත් සැම තනතුරක් දරන කාලයකම මම කාබනික පොහොර යොදාගෙන වගාවන් කළේ ඒ ඒ ප්‍රෙද්ශවල තත්වයන් හදුනාගෙන. නමුත් වර්තමාන රජය එක පාරටම තින්දුවක් ඇර ගෙන මුළු රටේම කෘෂි කර්මාන්තය කඩා වැටිලා ගොවි ජනතාව ජනතාව අසරණ තත්වයට පත් වෙලා වැවිලි කර්මාන්ත අද ඇනහිටිලා කර්මාන්තශාලා අද වහන්න පටන් ගෙන එවුවාගේ සේවකයො ඉවත් කරන්න පටන් ඇර ගෙන.
මේ තත්වය ඉතාමත් අවසනාවන්ත තත්වයත තියෙන්නේ.ඒ නිසා අද අපි උත්සාහ කරන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවාට වැඩිය මේ රටේ පැන නැගි ඇති ප්‍රශ්න විසදන්න. මිට අවුරුද්දකට කලින් කොවිඩි වසංගය ඉතා නරක විදිහට රටේ ආර්ථිකයට බලපා තියෙනවා ද රටේ ප්‍රශ්න රාශියක් ඇවිල්ලා ජනතා අප්‍රසාදය රජයට ආ වේලාවේ මම යොජනා කළා එදා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න. නමුත් අවුරුද්දක් තිස්සේ ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කථා කළත් ආණ්ඩුව පැත්තෙන් කිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැ.අවසානයේ මේ ආපු ආර්ථික අර්බුදයත් එක්ක මේ අද තියෙන ප්රබශ්ණ ඇවිලිචිච ගමන් අපි ජනාධිපපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලිපියක් ලිවුවා අපිට හමිබ වෙන්න දෙන්න සාකචිජා කරන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ආණ්ඩුවක් හදන හැටි අපි නිති අංශත් සමග සාකචිජා කරලා කරමු කියලා.
පාර්ලිමේන්තුව නියොජනය කරන සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න ඔනි පාර්ලිමන්තුවේ පක්ෂ නායකයින් එහි විධායක සභාවට එන්න ඔනි.ඒ වගේම ඇමති මණ්ඩලය පහළොවකට වඩා අඩුවෙන්න ඔනැ.ඒ වගෙම විධායක සභාව කියන දේ ජනාධිපතිතුමා පිළිගන්න ඔනැ.ජනාධිපතිතුමාට බලතල පාවිචිචි කරලා තනියම වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. මේ කියන කරුණු එක්ක අපි අවශ්යහ නිති රිති හදමුයි කියලා.අපි ඉන් පසුවවත් දෙසරයක් ජනාධිපතිතුමා හමිබවුණා.සමහර රටේ අය අපිට දොස් කියන්න ටන් ගත්තා අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යනවා කියලා.ආණ්ඩුව ශක්තිමත් කරන්න යනවා කියලා. නැහැ නමුත් අපිට පෙනි ගියා අපේ පක්ෂයේ ඉන්නවා ආර්ථික විශේඥයින් විද්වතුන් රාශියක් ඒ අය අපිත් එක්ක සාකචිජා කරන වෙලාවල්හිදි කියපු දේ තමයි විශාල නරක තැනකට රට වැටි ගෙන යනවා මේකෙන් මේ රට බෙර ගන්න ඕනේ කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20015-2020 දක්වා රට කාල දැන් මෙතනටත් එන්නයි කල්පනාව... යන්නකෝ හලෝ යන්න යන දේවාලයක...!
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉල්ලුවා... ඉල්ලුවාට කෝ ඒක හදන්න ඕන කෝඳුරුතෙල් පට්ටා හත..? තාම ගෙනාවෙ නැහැ නොවැ. ඉතින් මොන සර්ව පාක්ෂික ආණ්ඩුද?
අර හොරු අල්ලන්න ගිහින් හොරුත් එක්ක ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ඔහේ නේද? අපි මැරිලා ඉපදුණේ නැහැනේ..
අනේ ඔබ නිහඬව ඉන්න... බොරු කයිවාරු ගහන්නේ නැතිව.. පිටකොන්දක් තිබුණා නම් රට හදන්න තිබුණනේ...
තමුන් කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව කාලේ කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
කිසිම ප්‍රතිපත්තියක් නැහැ.. විටෙක ආණ්ඩුවට තල්ලුවක් දෙනවා. විටෙක ජනතාවගේ පැත්තේ ඉන්නවා වගේ රඟපානවා. විටෙක ඒ පාලකයන්ට ඉවත් වෙන්න කියනවා. නැවත නින්දෙන් ඇහැරිලා වගේ ඔය පුටුවේ හිටියට කමක් නෑ. සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවුලක් නෑ කියන්න... විකාරද? බලතණ්හාවද?
රටේ ඉන්ධන නැති මොහොතේ, මෙයාට වලපනේ යන්න කොහෙන්ද ඉන්ධන?
මොන්ටිසෝරි ළමයි මොට වඩා බුධිමත්ව කතා කරනවා, අප්පිරිය නැතුව අහගෙන ඉන්න පුළුවන් . දැන්වත් අර වැව අයිනට වෙලා විවේක ගන්නකො 2015 දී කිව්වා වගේ අපිට පව් නොදී . ආ..යද්දී මතක ඇතුව අර නිදන් හාරපු මැෂිමයි, සල්ලි අච්චු ගහපු මැෂිමයි අරගෙන ගිහින් වැවට දාන්න ආයේ එන එකක් නැහැ .
වල පනේ නොවෙයි පන වලේ.
බොරු චන්ඩි කතා කියනවා තවම රාජපක්ෂ පවුලට තියෙන බය ඇරිලා නැහැ වගේ.
අයියෝ සිරිසේන මහත්තයෝ. විශ්‍රාම අරන් ගෙදරට වෙලා ඉන්නකෝ! ඔය රනිල්ට වඩ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකෙ ප්‍රතිවිපාක තහමයි දැන් විඳවන්නේ.