
( අමිල චින්තක ගමගේ )
දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ.
ඒ අනුව ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමගින් විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සර්ව ආගමික සිද්ධස්ථාන පියැසි මත සූර්ය බල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනාදී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
මෙහි පළමු අදියර යටතේ 2025 වර්ෂය මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5000 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම ආගමික ස්ථානයන්හි පියැසි මත මෙම කිලෝවොට් පහක (5 kW) ධාරිතාවක් සහිත සූර්ය පැනල කට්ටල සවි කිරීමට අපේක්ෂිතය.
මෙමඟින් ආගමික සිද්ධස්ථානයන්හි විදුලිබිල අවම කිරීමට කටයුතු කරන අතර ආගමික සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරිවන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ.
මූලික අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙම සූර්ය විදුලිබල පද්ධති පන්දහස තුළින් මාසිකව එක් සූර්ය විදුලිපැනල පද්ධතියකින් විදුලි ඒකක 500 – 600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර, කට්ට කයිරාටික ජාතියක්. ගිලන් රථ, පන්සල් භාවිත කරලා හදවතට ඇනල මොළේ දුර්වල කරනවා. ලංකාව තමන්ගේ සැටලයිට් රටක් කරගන්න ඕනෑම කපටි වැඩක් කරනවා.
ඒ වගේම 5 KW සූර්ය බල පද්ධති පෞද්ගලිකව නිවාසවල සවිකර ගැනීමට කැමැති අය සඳහා බදු සහනයක් ලබාදීමේ වැඩ සටහනකුත් ගේන්න..
සමහරු හිතුවේ පන්සල්වලට යන්නවත් බැරිවෙයි කියලා...