IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ සෞදි සංචාරය අතරතුරේය.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, සෞදි සංචාරය ආරම්භ කළේ තෙදින මැදපෙරදිග සංචාරයට සමගාමීවය. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් සහ සෞදි රජ පවුලෙන් ට්‍රම්ප්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. හමුදා උත්තමාචාර ද හිමිවිය.

ඇමෙරිකාව, සිරියාවට සම්බාධක පැනැවීම කළේ, බෂාර් අල් අසාද් සිරියානු ජනාධිපති ධුරය හොබවද්දීය. අසාද් පාලනයට එරෙහි වූ විපක්ෂයට, ඇමෙරිකාවේ සහාය හිමිවුණු අතර, එම විපක්ෂ කණ්ඩායම් අසාද් පාලනයට එරෙහිව අවි අතට ගත් විට, ඔවුන්ට අවි ආයුධ ලබා දීම කළේ ද ඇමෙරිකාව සහ ප්‍රංශයයි. අසාද් පාලනය සිරියානු වැසියන් පීඩාවට පත් කිරීම සම්බාධක පැනැවීමට ප්‍රධාන හේතුවක් විය. 

පසුගිය වසරේ, විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සටන්කාමීන්, ඩමැස්කස් අගනුවර බලය අල්ලා ගනිද්දී, ජනාධිපති ධුරය දමා අසාද් රටින් පලා ගියේය. අසාද්ට සහ ඔහුගේ පවුලේ අය රුසියාවට ගෙන්වා ගනිමින්, ආරක්ෂාව දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.

අසාද් පාලනය අවසන් වීමෙන් පසු, සිරියාවේ අන්තර්වාර පාලනයක් පවතී. අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන්නේ හිටපු සටකන්කාමී නායකයකු වන අහ්මද් අල් ෂාරා ය. නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිරියාව ලෝකයට විවෘත කිරීම අල් ෂාරා සහ ඔහුගේ අන්තර්වාර රජයේ අරමුණ වී ඇත. පසුගිය දා අල් ෂාරා ප්‍රංශයේ පැරිස් අගනුවරට ගොස් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවා හමුවී සාකච්ඡා පැවැත්වීය.

සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සෞදියයි. සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කළේ සෞදියේ රියාද් නුවර පැවැති ආර්ථික සමුළුවකට සහභාගී වෙමිනි. 

‘ඇමෙරිකාව සිරියාවට පැනවූ සියලුම ආකාරයේ සම්බාධක ඉවත් කිරීමට මා කටයුතු කරනවා. ඒ වගේමයි මා සිරියාවට සුබ පතනවා. මට විශ්වාසයි සිරියාව ලෝකයටම අලුත් මුහුණක් පෙන්වාවි.’ යැයි ට්‍රම්ප් එම ආර්ථික සමුළුව අතරතුරේ පැවැසීය.

ට්‍රම්ප් සහ ඔටුන්න හිම සෞදි සල්මාන් කුමරුන් අතරේ ද සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී දෙදෙනාගේ මිතුදම් තවත් ශක්තිමත් විය. ට්‍රම්ප්ට රජ පවුලේ සියලුම සාමාජිකයන් හඳුන්වා දීමට ද සල්මාන් කුමරු කටයුතු කළේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1259 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site