
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බළකායේ කැපවීමෙන් යුතුව සේවය කරන, එහි කොඳු නාරටිය බඳු වූ සේවිකාවන් සහ ඒ සේවිකාවන්ගේ ධෛර්යය ඇගයීම සහ සැමරීම පසුගිය කාන්තා දිනයට සමගාමීව සිදුවිය.
සෙරන්ඩිබ් හි තත්ව පාලන අංශයේ ප්‍රධානී හේමානි ගුණතිලක මහත්මිය සේවයට එක්වන විට කළමනාකාරීත්ව මට්ටමේ සිටි එකම නිලධාරිනිය ඇය වූ අතර මේ වන විට ඇය දක්ෂ කණ්ඩායමක ප්‍රධානියා ලෙස සෙරන්ඩිබ් නිෂ්පාදනවල ගුණාත්මක බව උසස් මට්ටමක පවත්වා ගැනීම උදෙසා කටයුතු කරමින් සිටින්නීය.
හේමානි මහත්මිය ගේ කැපවීම සහ කණ්ඩායමක් සමඟ වැඩකිරීමේ හැකියාව ඇයව ඉහළට ඔසවා තබා ඇත. ”කණ්ඩායම් හැඟීම සහ අභියෝග ජයගෙන ඉදිරියට යන්න මට තියන හැකියාව මගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක්” යැයි හේමානි මහත්මිය පවසන්නීය.
මෙහෙයුම් සහ ගබඩා අංශයේ එකම කාන්තා නියෝජනය වන සහකාර කළමනාකාරිණී නදීෂා රුවන්ති මහත්මිය, සාම්ප්‍රදායික පුරුෂාධිපති වපසරියක් තුළ වෘත්තීය අභියෝග සාර්ථකව ජයගනිමින් තම රාජකාරි සිදුකරන ධෛර්යවන්ත කාන්තාවකි. දේශය පෝෂණය කිරීමේ අරමුණත් සමඟ ඉදිරියට යන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි සේවය කරන සියලුම කාන්තා සේවිකාවන්ට ඇය වටිනා ආදර්ශයක් සපයයි.
නිෂ්පාදන අංශයේ මිශ්‍ර කිරීමේ නිලධාරිනියක් ලෙස සේවය කරන රීටා ප්‍රියන්ති මහත්මිය, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි වසර 13ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති කැපවීමෙන් සහ උනන්දුවෙන් සේවය කරන දිරිමත් කාන්තාවකි. ඇය සේවය කරන අංශයේ සිටින 150ක් පමණ වූ සේවකයන් අතර ඇය එකම නිලධාරිනිය ලෙස කටයුතු කරන්නීය.
මූල්‍ය අංශයේ තොරතුරු විශ්ලේෂක නිපුනි ප්‍රියදර්ශනී මහත්මිය පවසන්නේ, රැකියා පීඩනය සහ පෞද්ගලික වගකීම් කළමනාකරණය කිරීමේදී සේවිකාවන්ගේ දරාගැනීමේ හැකියාව සහ ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමක ඇති බවයි.
නිපුනි මහත්මිය පවුල වෙනුවෙන් කරන කැපවීම සහ තම පියාගේ අසනීප අවස්ථාවේ දී ඇය කටයුතු කළ ආකාරය මඟින් පෙනී යන්නේ සමාජ වගකීම් හඳුනාගෙන සමාජයේ යහපත උදෙසා කැපවීමෙන් යුතුව කාන්තාවන් කටයුතු කරන ආකාරයයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි සෑම අංශයකම සිටින සේවිකාවන්ගේ දැඩි උත්සාහය, හැකියාව, කැපවීම සහ ශක්තීන් වෙනුවෙන් සෙරන්ඩිබ් ආයතනය ගෞරවය පුදකර සිටියි.
-595
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි