(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇඳුමට "බෝ එකක්" දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට බැරි බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සභාව අමතන අතරතුර නැගී සිටිමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කලිසම් කෝට් හැඳ ටයි පටිය වෙනුවට "බෝ එකක්" පැළද සිටියේය.
"බෝ එකක් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ.සම්ප්‍රදාය තමයි යුරෝපීය ඇඳුම"
සුරේන් රාඝවන් මහතා:-
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන සංස්කෘතියක් මේ රටේ තියෙන බව අප හොඳටම දන්නවා.බෝ ටයි එක ගැන ප්‍රශ්නයත් විසඳගමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි යුරෝපියානුවෝ නොවෙයි ආසියානුවෝ කියලා නොදන්නා එවුන් වහාම පාර්ලිමේන්තුවෙන් පලවා හරින්න ඕන .කොහෙද මිනිසුනේ දුප්පත් යුරෝපියානු රටක් තියෙන්නෙ අපි යුරෝපියානු ඇදුමක් ඇඳලා සම්ප්‍රදාය අනුගමනය කලාට වැඩක් නැහැ රටට සිදුවූ විනාශයට ඒ සම්ප්‍රදාය හේතුවෙලා තියෙන්නෙ
වින්ස්ටන් චර්චිල් පාලිමන්ට් එකට ගියෙත් බෝ එකක් දාගෙන !
පට්ටම වැඩේ එයා උසස් අධ්‍යාපන ඇමති. ඉතින් රට කොහේ යයිද ?
අපේ රටේ තියන දැවෙන ප්‍රශ්න ඉතින්.... මේක විසඳුවා නම් රට අප්පට සිරි වෙන්න දියුණු වෙනවා අප්පා...
ටයි එකයි, බෝ එකයි දෙකම එකට අල්ලගෙන ඉන්න...!
ටයි එකත්, බෝ එකත් දෙකම යුරෝපීය ඇඳුමේම සංස්කෘතිය වේ.
ටයියෙ පම් එක ගැන හැරෙන්නට අම්මප දයාසිරි නුඹට වෙන හොයාගන්නට දෙයක් තිබුනෙම නැද්ද?
කාලෙ කන්න මොනව හරි විගඩමක් ඕනැනෙ. ඔය බොරු කතාවට විනාඩි කීයක් විනාශ වෙන්න ඇතිද. ඒ කාලයට බලශක්තිය , මිනිස් පැය කීයක් වැය වෙන්න ඇතිද .
නිදහස ලබාගෙන අවුරුදු 75 ගතවෙන වෙලාවෙ ලංකාව තියෙන්නෙ 1972 බිහිවූ බංග්ලාදේශයෙනුත් ණයට ගැනීමට තරමින් කුජීතවූ ලෝකයේ අන්තිම දුප්පත් රටක් ලෙසට තමයි එහෙම තියෙද්දි තවමත් කතාව සුද්දගෙ සම්ප්‍රදාය රකින්න කියලා ඒත් බැලුවම පේන්නෙ මෙතෙක් ලංකාවෙ පාලකයො පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නෙ කිසිම ඇදුමක් නැතුව රිලවු වගේ කියලා තමයි කියන්න පුළුවන්
සුරේන් වේට්ටිය අන්දලා ටයි එකයි බෝ එකයි දෙකම දාගෙන ආවොත් නරකද?
සුරේන් වේට්ටිය අන්දලා ටයි එකයි බෝ එකයි දෙකම දාගෙන ආවොත් නරකද? සුරේන් bow tie එකක් පළඳින්නේ විශේෂයෙන්ම tuxedos and pleated shirts. එකක් සමග මිසක් වේට්ටියක් එක්ක නොවේ. අනික සුරේන් මාසේපෝය දවසට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව මොකක් දිහා බලන්නද?
සඳමත පා තැබු අය කිව්වෙ ඔවුන්ගේ පුංචි පියවර ලෝකයට මහා පියවර ක් කියා... ඒ නිසා මේ වගේ පොඩි දේ වුනත් ප්‍රශ්න කල යුතුවේ .
ලබ්.....බෝ......පූබ්........බෝ......