IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සුරේන්ගේ ’’බෝ එක’’ දයාසිරිට ප්‍රශ්නයක් වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇඳුමට "බෝ එකක්" දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට බැරි බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන්  මහතා සභාව අමතන අතරතුර නැගී සිටිමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කලිසම් කෝට් හැඳ ටයි පටිය වෙනුවට "බෝ එකක්" පැළද සිටියේය.

"බෝ එකක් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ.සම්ප්‍රදාය තමයි යුරෝපීය ඇඳුම"

සුරේන් රාඝවන් මහතා:- 

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන සංස්කෘතියක් මේ රටේ තියෙන බව අප හොඳටම දන්නවා.බෝ ටයි එක ගැන ප්‍රශ්නයත් විසඳගමු.



අදහස් (14)

සුරේන්ගේ ’’බෝ එක’’ දයාසිරිට ප්‍රශ්නයක් වෙයි

අබිලින් Thursday, 19 January 2023 03:30 PM

අපි යුරෝපියානුවෝ නොවෙයි ආසියානුවෝ කියලා නොදන්නා එවුන් වහාම පාර්ලිමේන්තුවෙන් පලවා හරින්න ඕන .කොහෙද මිනිසුනේ දුප්පත් යුරෝපියානු රටක් තියෙන්නෙ අපි යුරෝපියානු ඇදුමක් ඇඳලා සම්ප්‍රදාය අනුගමනය කලාට වැඩක් නැහැ රටට සිදුවූ විනාශයට ඒ සම්ප්‍රදාය හේතුවෙලා තියෙන්නෙ

:       4       25

Nimal Silva Thursday, 19 January 2023 04:05 PM

වින්ස්ටන් චර්චිල් පාලිමන්ට් එකට ගියෙත් බෝ එකක් දාගෙන !

:       2       21

කිරිපුතා Thursday, 19 January 2023 04:09 PM

පට්ටම වැඩේ එයා උසස් අධ්‍යාපන ඇමති. ඉතින් රට කොහේ යයිද ?

:       23       7

samanThursday, 19 January 2023 09:09 PM

සුරේන් රාඝවන් ලංකාවේ නැවතීමට හේතුවූ කාරණාව කුමක්ද ?

:       0       0

sharm warn Thursday, 19 January 2023 04:59 PM

අපේ රටේ තියන දැවෙන ප්‍රශ්න ඉතින්.... මේක විසඳුවා නම් රට අප්පට සිරි වෙන්න දියුණු වෙනවා අප්පා...

:       0       0

gobbaya Thursday, 19 January 2023 05:21 PM

ටයි එකයි, බෝ එකයි දෙකම එකට අල්ලගෙන ඉන්න...!

:       1       8

lankasri Thursday, 19 January 2023 06:35 PM

ටයි එකත්, බෝ එකත් දෙකම යුරෝපීය ඇඳුමේම සංස්කෘතිය වේ.

:       1       14

සක්‍රයා Thursday, 19 January 2023 09:18 PM

ටයියෙ පම් එක ගැන හැරෙන්නට අම්මප දයාසිරි නුඹට වෙන හොයාගන්නට දෙයක් තිබුනෙම නැද්ද?

:       0       1

මහසෙන් Thursday, 19 January 2023 09:55 PM

කාලෙ කන්න මොනව හරි විගඩමක් ඕනැනෙ. ඔය බොරු කතාවට විනාඩි කීයක් විනාශ වෙන්න ඇතිද. ඒ කාලයට බලශක්තිය , මිනිස් පැය කීයක් වැය වෙන්න ඇතිද .

:       0       2

සුරංග Friday, 20 January 2023 04:58 AM

නිදහස ලබාගෙන අවුරුදු 75 ගතවෙන වෙලාවෙ ලංකාව තියෙන්නෙ 1972 බිහිවූ බංග්ලාදේශයෙනුත් ණයට ගැනීමට තරමින් කුජීතවූ ලෝකයේ අන්තිම දුප්පත් රටක් ලෙසට තමයි එහෙම තියෙද්දි තවමත් කතාව සුද්දගෙ සම්ප්‍රදාය රකින්න කියලා ඒත් බැලුවම පේන්නෙ මෙතෙක් ලංකාවෙ පාලකයො පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නෙ කිසිම ඇදුමක් නැතුව රිලවු වගේ කියලා තමයි කියන්න පුළුවන්

:       0       3

Bamunuarachchi Friday, 20 January 2023 07:22 AM

සුරේන් වේට්ටිය අන්දලා ටයි එකයි බෝ එකයි දෙකම දාගෙන ආවොත් නරකද?

:       1       3

Bamunuarachchi Friday, 20 January 2023 07:30 AM

සුරේන් වේට්ටිය අන්දලා ටයි එකයි බෝ එකයි දෙකම දාගෙන ආවොත් නරකද? සුරේන් bow tie එකක් පළඳින්නේ විශේෂයෙන්ම tuxedos and pleated shirts. එකක් සමග මිසක් වේට්ටියක් එක්ක නොවේ. අනික සුරේන් මාසේපෝය දවසට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව මොකක් දිහා බලන්නද?

:       0       3

Sisira Friday, 20 January 2023 07:32 AM

සඳමත පා තැබු අය කිව්වෙ ඔවුන්ගේ පුංචි පියවර ලෝකයට මහා පියවර ක් කියා... ඒ නිසා මේ වගේ පොඩි දේ වුනත් ප්‍රශ්න කල යුතුවේ .

:       0       1

දියවන්නාව Friday, 20 January 2023 02:33 PM

ලබ්.....බෝ......පූබ්........බෝ......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 550 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site