
(බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක් අතර තුර අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන ගේට්ටුවට හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුරම් කරු වසන්ත මුදලිගේට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත් මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිකා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
අධිකරණ නියෝග මත ගල්වැව සිරිධම්ම හිමි හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදරිපත් කළ අතර එහිදී එක් පැමිිලි කරුවකු හඳුනා ගැනීමට ඉදිරිපත්ව සිටි අතර ඔහුට සිරිධම්මි හිමි හඳුනා ගැනීමට නොහැකි විය.
ඇප ලැබුණු සිරිධම්ම හිමි අධිකරණයෙන් පිටව ගිය අතර වසන්ත මුදලිගේ වෙනත් නඩු කටයුත්තක් වෙනුවෙන් බන්ධනාගාරයට රැගෙන ගියේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අධිකරණ හොඳටම විශ්වාසයි . සියයට සීයක්ම . අධිකරණ නොවන්නට හාමුදුරුවන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ .
ඔහොම යං හාන්දුරුවනේ කඩුවෙලින් තව දේවල් හම්බවෙයි.