හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය.
කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැරිණි.
මහජන මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් නියම කෙරිණි.
රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත සරණ ගුණවර්ධන මහතාට මහාධිකරණය ඇප ලබාදී තිබේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...............
ඔන්න කනෝ පිනුම් පේනවනම් බලාගන්න.
වසර 100 ක් වත් හිරේ දන්නා ඕන තක්කඩි, පජාත වැඩ කරපු කෙනාට පැයෙන් ඇප.
ජය වේවා ! සාධාරණ තීන්දුවට ජයවේවා !
උදේ හිරේ? දවල් වෙනකොට එළියේ? උදේ හිරේට යවන බව හා තීන්දුව ලැබෙනකන් ( සාමාන්‍ය ජනයාට අනුගමනය කරන ක්‍රමවේදය නම් තීන්දුව ප්‍රකාශයට පත්කර දඩ ගෙවීමට පමණක් පැයක් හෝ දෙකක් අඩුම තරමින් කාලය ගතවේ) ඇපෑල පිලියල කළ හැකිද? කරුණාකර මෙය කියවන, නිතිය දන්නා අයෙක් පැහැදිලි කරන්න. කිසියම්ම ක්‍රමවේදයකින් තීන්දුව පිළිබඳව හා දඬුවම පිළිබඳව පෙර දැනුමක් තිබුණු බවට සාදාරණ සැකයක් නැතිද? පහුගිය දිනවල තවත් මන්ත්‍රීවරයකු හා නිතිය පිලිබඳ උත්තමයකුගේ හඬපට කතාබහට ලක් උනා නේද? තව විදියකින් කිවොත් ඒගොල්ලොත් ........... එහෙමයි !! මෙගොල්ලොත් ............. එහෙමයි. ඡන්දදායකයෝ වන අපි? හැමදාමත් .................. එහෙමමයි.
ආ ඒක කොහොමද එතකොට? මහබැංකු හොරුත් කවදා හරි ගොඩයන්නේ ඔය විදියටම තමයි.
දඩ මුදලත් ඔය ගමන්ම ගෙව්වා නම් හිරගෙදර කාලයටත් වටිනාකමක් ඉල්ලගෙන ගෙවන්ඩ තිබුනා. අපරාදේ!!
කුමට මෙරට අධිකරණය, නිතිය හා විනිසුරුවන්
රජයට රුපියල් 900,000.00 ක පාඩු සිද්ධ කලාට අවුරුදු 3 ක සිර දඬුවම්. මහ බැංකුවෙන් ලංකාවට ඩොලර් බිලියන ගණනක් පාඩු කළ එකට ...අම්මෝ හිතා ගන්නවත් බැහැ..........
තක්කඩි............ඕන බලු වැඩක් කරලා සුදු පිරුවටේ ඇගේ ඔතාගෙන එන ලස්සන... දේශපාලුවෝ......
අපේ රටට කෙදිනක හෝ අවංක කොන්ද පන ඇති පාලකයකු පත්වන තුරු අපි බලාහිදිමු. සිරිසේන ටිකක් හොදයි කියලා දිනක අපට සිතුනොත් පුදුම වියයුතු නැත . මගේ රට පක්ෂ බේදයකින් තොරව විනාශකර ඇත .
මට තේරෙන්නේ නෑ අපේ නීතිය.
අපේ රටට ගිය කළ.........උදේට ඇතුලේ දවල්ට එළියේ.....
විනිසුරුට උසස්වීමක් ඕනේ වෙලාද ? ලැජ්ජයි...............
සමහරු ගොට්ට අල්ලන්න ගිහින්.............
මේ පහසුකම ඕනෙම කෙනෙක්ට තියෙනවා. මේකේ වරදක් නෑ. ඉහළ උසාවියෙන් නඩුව අහලා සමහරවිට එම තීන්දුව දෙන්න පුලුවන්. මෑතකදී අර ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියාගේ සිද්ධිය තමයි හොදම උදාහරණය... ඒකෙත් ඇප ලැබුනා. නුමුත් අවසානයේ එම තීන්දුවමයි ලැබුනේ.
විලි ලැජ්ජයි...!! රට කන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි විතරක් නෙවෙයි උසාවියේ ඉන්න කාලකන්නිත් ඕකට අයිතියි...
ඔය රන්ජන්ලා නඩුකාරයින්ට කතා කළාට අපිට එහෙම ඒ වගේ වැඩ කරන්නේ නෑ හරිය..