IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සරණ ගුණවර්ධනට ඇප: විදෙස් ගමන් තහනම්

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තිකරුට් විදෙස් ගමන් තහනමක්ද ඊයේ (06) පැනවීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කුලී පදනම මත වාහන ලබා ගෙන මණ්ඩලයට රුපියල් ලක්‍ෂ 68 කට අධික අයුතු අලාභයක් වන අන්දමට කටයුතු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

2006 අගෝස්තු සහ 2007 මාර්තු මාසය අතර කාලය තුළ කොළඹදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයට පාඩුවක් වන බව දැන දැනම මණ්ඩලයේ භාවිතය සඳහා ගත් වාහන සඳහා රුපියල් 13 68 000/-ක් මුදාහැරීමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී විත්තිකරුට එරෙහි චෝදනා පත්‍ර බාරදුන්නේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සිතාසියකට අනුව අධිකණයේ පෙනී සිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගනිමින් රුපියල් 50 000/-ක මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන මැයි 4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.



අදහස් (3)

සරණ ගුණවර්ධනට ඇප: විදෙස් ගමන් තහනම්

සෙනෙවිරත්න Tuesday, 07 February 2023 05:57 PM

අනේ පව් ගෝඨාභයගේ පිහිටෙන් ගොඩයන්න හිටපු කෙනෙක්...

:       0       0

Perera Wednesday, 08 February 2023 07:56 AM

ඕවා මොන තහනම්ද? ඔහොම තහනමක් තියෙද්දී අවසර අරගෙන යස අගේට ජොලියක් දාන්න මේ ළඟදී රට ගියේ...

:       0       0

තවත් පින්න පාත්‍රයක් මහ ජනතා ඉදිරියට Wednesday, 08 February 2023 08:12 AM

මෛත්‍රිපාල සමඟ මෙයාටත් හැකිවේවි පින්න පාත්‍රයක් අරන් කොළඹ දුම්රිය පළ අසල වාඩිවී සිටින්න. දෙර තිබෙන මුදල් නම් එළියට එන එකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site