(රොමේෂ් මධුෂංඛ)
දෙමළ සංස්කෘතිය අරමුණු කරගෙන යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවර යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ දී පැවැත්විණි.
යාපනය වැල්වැටිතුරෙයි හා කන්කසන්තුරෙයි මුහුදු තීරයේ දී පැවති මෙම සරුංගල් සැණකෙළිය නැරඹීමට මෙවර අති විශාල ජනතාවක් සහභාගී වීම විශේෂත්වයකි.
වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ සරුංගල් නිර්මාණකරුවෝ රැසක් සහභාගී වී සිටියහ.
දෙමළ සංස්කෘතියට අයත් සංගීත භාණ්ඩ මෙන්ම එම සමාජයේ විවිධ වූ අංගයන් විදහා දක්වමින් ඉතා අලංකාර වූ සරුංගල් නිර්මාණය කර තිබූ අතර යුද සමයේ දී උතුරු ප්‍රදේශයේ ජනතාවට දැක ගත හැකි වූ ගුවන් යානා හා විවිධ වූ උපකරණ ද නිර්මාණය කර උඩු ගුවන්ගත කෙරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අපුරුයි. ගාලු මුවදොර තියන රට සරුංගල් සැණකෙළියට වඩා වෙනස් තමන්ට අාවේනික ක්‍රමවේදයකට සරුංගල් සාදා තිබීම වටිනවා.
උතුරේත්, දකුණේත්, කවුරු වුණත් සතුටින් ඉන්නවා නම් හැමෝම කැමති වෙන දේවල්වලට යොමු නොවී..
අපේ රටේ විශාලතම ඛේදවාචකයක් වන්නේ ජාතිවාදී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රොත්තක් සිංහල සහ දෙමළ ජනතාව අතර මහා පවුරක් සේ සිටිමින් ජනතාව සමගිව ජීවත් වීමට ඇති ඉඩකඩ අසුරා දැමීමයි.මේ පවුරු වලලු බිද දමා ජනතාව එකම ජාතියක් ලෙස ඒකීය රටක ජීවත් වීමට මෙවැනි සංස්කෘතික උත්සව වලට විශාල සේවයක් කළ හැකියි. දකුණේ සරුංගල් උත්සවයට උතුරේ තරුණයින්ටත් ආරාධනා කර ඒ සදහා පහසුකම් රජයට ලබාදිය හැකියි. උතුරේ උත්සවයටත් එසේම කළ හැකියි. විශේෂයෙන් වෙසක් උත්සවය වැනි උත්සව සම වලදී විශේෂ දුම්රිය යොදවා දෙමළ ජනතාවට ප්‍රවාහන පහසුකම් නොමිලේ දී දකුණට එන්න සලස්වන්න. ඔවුන්ට ඉදිම් හිටුම් ලෑස්තිකර දකුණේ ආගන්තුක සත්කාරය සහ එකිනෙකා දැන හදුනාගෙන සම්බන්ධතා ගොඩනගා ගන්න ඉඩ දෙන්න. ජනතාවට එකතුවී ජාති ආගම් බේද වලින් තොරව මෙවන් උත්සව සැමරීම සහ ජීවනයට රුකුලක් වේවි. විශේෂයෙන් කතරගම දේවාලයට වන්දනා ගමන් සදහාත් උතුරේ ජනතාවට ප්‍රවාහන සහ ඉදුම්හිටුම් සලසාදීම මගින් ආණ්ඩුවට විශේෂ කාර්‍යභාරයක් කළ හැකියි. මක්නිසාද මේ කුඩා රටේ උතුර දකුණ කියා බෙදීමට අන්තවාදී දේශපාලුවන් දත කෑවත් ඔවුන්ද අපමය. අපද ඔවුන්මය.
ජනපතිතුමනි, මේ තරුණයින්ට මේ සරුංගල් ටික ගාලුමුවදොරදී ප්‍රදර්ශනය කරන්න අවස්තාවක් දෙන්න. අපිත් එනවා බලන්න.