(ඉන්දිකා රාමනායක)
නිදහස් සමරුව නිමිත්තෙන් හෙට (30) සිට ගුවන් පෙරහුරු පැවැත්වෙන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා පියාසර කරවීම අනතුරුදායක විය හැකි බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොරෝනා අස්සේ මොන සැමරුම්ද?
සත්‍ය වශයෙන්ම කුමන නිදහසක් සමරන්නද ..? නැති නිදහසක් සැමරීමට නාස්තිවන මුදල් සම්භාරය.. අනේ මන්දා..?