
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායෙන් බහාලුම් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය.
මේ ගාලගෝට්ටිය මැද මන්ත්‍රී අජිත් පෙරේරා මහතා සිය අසුනින් නැගිට පිටව යෑමට සූදානම්ව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
සිද්ධිය ඇතිවී තිබුණේ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකය ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදීය.
මේ අවස්ථාවේදී මන්ත්‍රී නීතිඥ අජිත්.පී පෙරේරා මහතා ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කන්ටේනර් කඩිනමින් නිදහස් කරන ලෙසට ජනාධිපතිවරයා සහ ඇමතිවරයා උපදෙස් දුන් බවට සදහන් නිවේදනය අනුව මෙලෙස කඩිනමින් නිකුත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙහිදී නාගානන්ද මහතාගෙන් විමසු අවස්ථාවේ ඉන් අදහස් වන්නේ නීති විරෝධීව නිදහස් කිරීම යනුවෙන් පිළිතුරු දී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
මේ ආකාරයට ප්‍රශ්න ඇසීම වැරදි යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දිගින් දිගටම හඩ නැගීමෙන් මෙම උණුසුම් තත්ත්වය මතුවී තිබිණ.
මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්" අපිට මේ කමිටුවේ ප්‍රශ්න කිරීමේ අයිතියවත් නැද්ද. එහෙම නැත්නම් අපි මොකටද මේ කමිටුවට එන්නේ" යනුවෙන් මහ හඬින් විරෝධය පළ කර ඇති බව දැනගන්නට ඇත.
කොළඹ වරායෙන් බහාලුම් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්විය.
නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරුණු බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd