IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සරුංගල් ආරවුලෙන් සිසුවාට අත අහිමිවෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටලයක සහ ඇපල් වත්තක විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් ලබා ගත් කාන්තාවන් දෙදෙනකු අද (26) පස්වරුවේ දී දෙමෝදර දී අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කොළඹ විශේෂ විමර්ශන අංශය පවසයි .

එම සිද්ධියෙන් අදාල සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් තිබු අතර පවුලේ ඥාතීන් කැපී ගිය අතේ කොටස අයිස් වල දමා රෝහල වෙත රැගෙන විත් තිබුණි.

පසුව මූලික ප්‍රතිකාරවලින් පසු පාසල් සිසුවාගේ අතබද්ධ කිරීම සදහා ඉක්මණින් කොලඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබීය.
සරුංගල් යැවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වු ආරවුලක් පසු මෙම කඩු ප්‍රහාරය එල්ල කර තිබෙන බව කියති.

කෙසේ වෙතත් ඊට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් අද (26) සවස මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 



අදහස් (0)

සරුංගල් ආරවුලෙන් සිසුවාට අත අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site