
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සරුංගල් සැණකෙළියක් කොළඹ ගාලු මුවදොර පිටියේදී ලබන 15 වැනිදා සිකුරාදා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා පැවැත්වීමට සිනර්ජි ඔෆ් හාර්ට් ඇන්ඩ් සෝල් (synergy of heart and soul) සංවිධානය කටයුතු යොදා ඇත.
මෙම තරගයට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහභාගී කරවා ගැනීමට සංවිධායකවරයෝ අපේක්ෂා කරති.
තෝරා ගන්නා නිර්මාණාත්මක සරුංගල් සඳහා ත්‍යාග පිරිනැමේ. තරඟය සඳහා මෙම මස 13 වෙනිදාට පෙර ලියාපදිංචි වන සියලුම දරුවන්ට වටිනා ටීෂර්ට් එකක් නොමිලේ පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.
ලියාපදිංචිය සහ දිවා ආහාරය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර 0705607607 අංකය ඇමතීමෙන් හෝ [email protected] යන ඊමේල් ලිපිනයෙන් හෝ තරගය පිළිබඳ විස්තර ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ අපි ගෙදර ඉඳන්ම ඇරලලා දානවා වෙනදා වගේම...