(සුමතිපාල දීයගහගේ )
ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරුන් තිස් එක් දෙනෙකුගේ නිවාස වරින් වර බිද වරදකරු වී සිර දඩුවම් විද නිදහස්ව පැමිණ තිස් දෙවන වරට ගාල්ල වැලිවත්තේ පදිංචි නීතිඥවරයෙකුගේ නිවසට ඇතුලුවී රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා රන් අබරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි .
පවුලේ සාමාජිකයන් රාත්‍රි නින්දට ගිය පසු ජනේලයකින් ඇතුලුවු සෙරෙකු නිවසේ අල්මාරියක තිබු රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා මුදු,මාල, වළලු ඇතුලු තවත් රන් අබරණ රැසක් සොරකම් කර ගෙන ගොස් ඇති බවට නීතිඥවරයා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත සැකකරු විසින් සොරකම් කරන ලද රන් අබරණ ගාල්ල කලුවැල්ලේ රන් අබරණ වෙළඳ සැලකට විකුණා තිබියදී සොයා ගත් බවද පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සොරකමේ ගිහින් තිස් දෙවැනි වතාවටත් පොලීසියට මාට්ටු
Roshan Friday, 15 December 2023 03:31 PM
ලංකාවේ නීතිය මරු නේද?
සුරනිමල Friday, 15 December 2023 05:48 PM
වරදකට දඬුවම් දීමේන් බලාපොරොත්තු වන දේවල් කිහිපයක් තිබෙනවා 1. වැරැදි කරන කෙනා මින්පසු එය නොකළ යුතුයි 2. ඔහුට දෙන දඬුවම බලා අනිත් අය ඔය වැරැද්ද නොකළ යුතුයි 3. වින්දිතයා සෑහීමට පත්වීම තිස්දෙවතාවක් හිරේ ගිහිල්ලත් හැදිලා නැත්නම් කාගේද වැරැද්ද?
රංබොඉ Friday, 15 December 2023 06:40 PM
පොලිසියෙන් අල්ලනවා උසාවියෙන් එළියට දානවා. අනේ මන්දා. අපරාධ කාරයින් වැඩි හරියක් නිදැල්ලේ...!
Nathalie92 Friday, 15 December 2023 07:08 PM
ඉස්සෙල්ලා හම ගලෝපන් ඔය හොර බඩු බාරගන්න අය. විකුණන්න කෙනෙක් තැනක් නැති වුණාම ඒ අයට මොකද වෙන්නේ...?
SurangiSaturday, 16 December 2023 04:32 PM
ලංකාවේ හොරකම් වැඩිවෙන්න හොරබඩු අඩුමිලට ගැනීමත් හේතුවක් වෙනවා.. සමහරක් එවුන් හොරුන්ට ඇනවුම් බාරදෙනවා භාණ්ඩ සපයන්න කියලා අත්දැකීම් අනුව නම් හොරු සමග භාණ්ඩමිලට ගන්න මිනිස්සු රැකවරණය සඳහා පස්සෙන් යන අවස්ථා තියෙනවා.. ඒවා කරන්නේ පොල්, කෙසෙල් වගේ දේවල් සඳහා තමයි. එනිසා හොරු ඇල්ලුවොත් භාණ්ඩ මිලට ගෙන තිබෙන එවුනුත් ඇල්ලීම කළොත් තමයි හොරකම් නතර කරන්න පුළුවන් වෙන්නේ...!
චූලසේන Saturday, 16 December 2023 05:23 AM
ඇත්තටම උසාවියට පෙර වැරදි ගැන කියන්නෙ නැත්තේ ඇයි කියලා ගැටලුවක් ඇතිවෙනවා ඔහොම වැරදි කරන්න හැකියාව ලැබෙන්නේ පොලිසිය පෙර වැරදි නොපෙන්වා අධිකරණයට ඉදිරිපත් කරන නිසා කියලා හිතෙනවා