(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමඟ එක්ව මෙම කටයුතු කරන බව කී ජනාධිපතිවරයා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව නැමැති අසාධ්‍ය ලෙඩා ගොඩ ගත් වහාම මේ කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට කටයුතු කිරීම හොඳ දෙයක්.ඒත්,ඔබතුමා ඉන්නේ හොර නඩයක් එක්කනේ.. ඉතින් ඔය කතා කෙසේ විශ්වාස කරන්නෙමුද ?
2015 දී බලයට පත් කෙරුවේ ඒක කරන්න තමයි. නමුත් තමටන්ට පැවරුණු කාර්යය කරනවා වෙනුවට හොරුන්ව රැක්කා මදිවට මහ බැංකුව කඩන්නත් හවුල් වුණා. ඒ නිසා හොරුන් කවදාවත් හොරුන්ට දඬුවම් කරන්නේ නැතිබව අපි දැන් දන්නවා.
ඔක්කොටම ඉස්සෙල්ල 2016 බැදුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 15ක සාවද්‍ය මුදල ගෙවල ඉන්න කියන්න.
අලිබබා සහ හොරු හතලිහ..කරයි කියලා තමා බය්.
හොරා කාපු වත්කම් ආයිත් අයකරගන්ඩ පනතක් ගෙන්ඩ හදන්නෙ ලංකාව හොඳ තත්වෙට ආවයින් පස්සෙ . එතකොට ඔය හොරාකාපු නාකි ඔක්කොම අපායෙ.
රනිල්, ඔබයි ඔබගේ ගජයා අර්ජුන් මහේන්ද්රයි එකතුවෙලා මහා බැංකුව කඩලා ගත්ත සල්ලිත් අවශ්‍යයි නැතිනම් ඔය මුක්තියද මොකක්ද මලජරාව අවසන්වුන ගමන් හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා හරිද ?
ජනතාව ඉල්ලන්නේත් ඉල්ලුවේත් එයයි ප්‍රමාදවී හෝ කිරීම ගැන සතුටුයි ගොව්යාට දූන්න සහන මුදල් ආපසු ගිය බවට තොරතුරු වාර්තා වෙනවා සෑම ගමකම ගොවි න්‍යාමකවරයෙකු ග්‍රාම නිලධාරි වරයෙකු සිටියදී එසේ වීම කළමනාකරණය වැරැද්දක් නිලධාරීන් මිස සමහරවිට අකුරු නොදන්නා ගොවි ජනතාව එයට වගකිව යුතු නෑ
කතා කරන එක නවත්වන්න... ඒක කරලා පෙන්වන්න ජනපතිතුමා...
වංචා හා දූෂණ මැඩලීම වෙනුවෙන් ඔබලාගේ යහපාලන රජය යටතේ විගණනය ශක්තිමත්ව හැදුවත් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පනත ඉතාම දුර්වල ලෙස සම්මත කලා ඔබලාට අවස්ථාව ලැබිලත් ඔබලා වටේ ඉන්න හොර දේශපාලන පිරිස්, ඔබලාට සහය දෙන හොර ව්‍යාපාරිකයින් ,බඩගෝස්තර වාදීන් කිසිදිනක රටට ආදරේ ඇති පද්ධති සකස් කිරීමට මෙම ක්‍රමය තුළ ඉඩ දෙන්නේ නැහැ එබැවින් මෙම ප්‍රකාශ හුදු දේශපාලන පොරොන්දු පමණයිග මෙය කලහැක්කේ දූෂණයෙන් තොර වූ දේශපාලන ව්‍යාපාරයකට පමණයි,එය වටා රටට ආදරේ ඇති ජනී ජනයා විශාලවශයෙන් රොදබැදෙමින් සිටී අද දවස තුළ.
එහම මහජන දෙපල් සොරකම් කළා නම්, ඔයාගේ ඇමති මන්ධාලයේ සගයන් වන විජේදාසවත් දැනුවත් කරන්න කෝ. අර විජේදාස තොත්ත බොබා ළඟදී එක් තරා නාලිකාවේ මාධ්‍ය වේදියා මහජන දෙපල් සොරකම් කළ දේශපාලකයන් පිළිබඳව විමසද්දී, මෙම විජේදාස පිළිතුරු දුන්නේ කොව්ද, කවද, කොහෙද එහම මහජන දෙපල් සොරකම් කරලා තියන්නේ සහ තොරතුරු ඉදිරිපත් කළා නම්, පියවර ගන්න පුළුවන් කියලත් කිව්වා. ඒ නිසා ජනාධිපති රනිල් මෙම තොත්ත බෝබාට කියවල දුන්න නම් හොඳයි, ඔහු කිව්වා පරිදි පියවර ගන්න. අනික මේ ජනාධිපති කියන දේවල් කරන්න මිනිහක් නොවේ. ජනාධිපති දුරයට පත් වූ ගමන් මුලින්ම කිව්වේ දුෂණ වංචා නැති කරලා දඬුවම් දෙනවයි කිව්වා සහ මේ නිදහස් දිනයට පෙර උතුරු නැගනහිර ද්‍රවිඩ ප්‍රශ්න විසඳවයි කිව්වා. මොකුත් වා නැහැ.
අනේ රනිල් මහත්තයෝ .තවත් සුරංගනා කතා එපා .මහින්ද වගේ හොර නඩයකගේ පිහිටෙන් ජනාධිපති කමේ ඉන්න ඔබට පුලුවන්ද. ඔවුන්ට එරෙහි දෙයක් කරන්න
හොරෙකුට හිතෙන දෙවල් !!!
ජනතාව බඩගින්නේ දහසක් දුක් කම්කටොළු මැද ජීවත් වෙන්නේ. මොන්ටිසෝරි ළමයින්ට කියන සුරංගනා කතාවලින් වැඩක් නැහැ.
මෙයා බ්‍රේස්ලට් කතා කියන්න හරි දක්ෂයි. ගජමෑන් පරාදයි. හොරකම් කරපු සල්ලි ගන්න අවශ්‍යම වෙලාව මේක. ඒත් මෙයා කියන්නේ අමාරු කාලය ඉවර වුණාමලු හොරකම් කරපු සල්ලි ගන්න පනත ගේන්නේ. කවුද මේ?
අනෙ නිකන් ඉන්න මහත්තතයො, ඔබතුමා අල්ලන හොරු. අපි දැක්කනෙ ඔයා හොරු අල්ලපු හැටි. අපිව තව සැරයක් ගොනාට අන්දන්නද හදන්නේ. ඔයා තමයි හොරුන්ගෙ ආරක්ශකයා.
රට ගොඩනැගීම සඳහා ඉදිරි සති කිහිපයේදී නමගිය කම්බ හොරු රැලකට කැබිනට් ඇමැතිකම් දීමට සූදානම් වන බව ආරංචියි. පත්වීම් දෙන ගමන්ම හොරු අල්ලන්න පුළුවන්.
හොරකම්කල වත්කම් අයකිරීම ගැන මහ හොරාම කතාකරයි.
මහ බැංකුවෙන් හොරකම් කළ ඒවත් අයකර ගන්නවද?
අධෝමයි දැන් හනික සිංගප්පූරු ගිහින් අර්ජූන් ඇලෝසියස් කුදලා ගෙන එයි. නාකි හිවලා තවත් විහිලු කරනවා වගෙයි.
හොරෙක් අල්ලන්න හොරෙක් සෙට් කරන්න
IMF රවට්ටන්න ගහන ගැට.
මෙයා මුඛයෙන්ද ,අදෝ මුඛයෙන්ද මේ කතා කරන්නේ ?
නියමයි ඒත් කොමිස් ගහපු අය ඔය පනතට අසු වෙන්නේ නැහැ. රනිල් ඔය පනත් හදන්නේ අර්ජුන මහේන්ද්‍රන් වගේ අය බේරලා. බලමු මොකද වෙන්නේ කියලා? හොරකම් කරපු අය ඇසුවේවි. කව්ද පැමිණිලි කරලා තිබෙන්නේ අපේ ආයතනයේ දේවල් හොරකම් කරලා කියලා? පැමිණිල්ලක් නැතුව විභාගයක් නැහැ නේද?
අස්සයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් තියෙනවාද මනුස්සයෝ?
අනේ හොදයි මහ බැංකුවෙන් වාෂ්ප උන මුදල්ද ගන්න පුළුවන්