IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සූර් වී බස් එළවන රියැදුරන්ට වැඩ වරදී

(ඉන්දිකා රාමනායක)

මගී ජීවිත අනකුරේ   හෙළමින් විෂ මත්ද්‍රව්‍ය  භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ගත වු දින දෙක තුළ සිදුකළ මෙහෙයුම් වලින්  විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කළ  රියදුරු 15  කු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව  මහතා පවසයි.
 
 රියදුරන්  බොහොමයක් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින්   බස් රථ හා  වෙනත් වාහන ධාවනය  කරන බවට  ලද පැමිණළි අනුව මෙම  මෙහෙයුම සිදුකළ බවද  හෙතෙම කීය.

මෙතෙක් ශ්‍රි ලංකාව තුළ මත්පැන් පානය කර රථවාහන ධාවනය  කරන රියදුරන් ඇල්කො ලයසිර් නළ භාවිතා කරමින් අත්අඩංගුවට ගෙන, වෛද්‍යවරුන් හමුවට  ඉදිරිපත්  කළ ද , ,විෂ මත්ද්‍රව්‍ය භාවිතා  කරන රියදුරන් සම්බන්ධයෙන්  පරික්ෂා කිරීමට ක්‍රමවේදයක් නොතිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මාර්ග ආරක්ෂාව බාර ජාතික සභාව  විසින් ඒ සදහා අවශ්‍ය මුදල් ලබා දීමේන් පසුව  අන්තරායකර ඖෂධ පාලක   මණ්ඩලය  ඒ සදහා විශේෂ පරික්ෂා කිරීමේ  නළ කට්ටල පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමෙන් පසුව   මෙම රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නියමු ව්‍යාපෘතියක්  වශයෙන් පසුගියදා බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කීය.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 106  නිලධාරීන්  සහභාගි කරගෙන බස් රථ 775  පරික්ෂා කළ බවත්, පරික්ෂා කළ බස් රථවල  රියදුරන් 375 ගේ ඛේටය පරික්ෂා කිරීමෙන්  ඉහත රියදුරන් 15 දෙනා  හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගේ  මුත්‍රා සාම්පල් වල ද මත්ද්‍රව්‍ය පරික්ෂා  කර ඔවුන් එරෙහින නඩු පැවරීම කිරීමට නියමිතය.

විෂ මත්ද්‍රව්‍ය පානය කර  බස් රථ ධාවනය කළහොත් මුල් අවස්ථාවේ දඩය  රුපියල්  25,000 වන අතර,  රියදුරු බලපත්‍ර රියදුරු බලපත්‍රය ද   තාවතාලික අත්හිටුවන බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව අනුව ඉදිරියේ දිවයින පුරාම මෙම මෙහෙයුම් සිදුරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

සූර් වී බස් එළවන රියැදුරන්ට වැඩ වරදී

Roshan Wednesday, 24 May 2023 03:44 PM

එතකොට කසිප්පු ගහලා රාජකාරිය කරන පොලිස් කාරයින්ට මොකද කරන්නේ?

:       2       12

පැරකුම් Wednesday, 24 May 2023 03:47 PM

තාවකාලිකව නොව සදහටම රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි...

:       1       15

Bunny Preena Wednesday, 24 May 2023 03:58 PM

සූර්වෙලා කරන අනතුරු වලට රියදුරන්ගේ ඛේටය පරීක්ෂා කරනවා වගේම, සූර්වී අනතුරු කරන රියදුරන්ගේ මොලය පරීක්ෂා කළොත් හොඳයි...

:       1       7

SUNIL MILANO Wednesday, 24 May 2023 04:11 PM

හැමදාම වැඩ වරදී... හැබැයි වැඩ වැරැදුණු දවසක් නම් නැත.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site