
සිර දඬුවම් විඳිමින් සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි, ඔහු රඳවා ඇති බන්ධනාගාරයෙන් අතුරුදන් බවත්, බන්ධනාගාර බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්, නෙවල්නිගේ නීතීඥවරු චෝදනා නගති.
වසර 20 ක සිරදඬුවම නියම වූ ඇලෙක්සි නෙවල්නි, රඳවා තැබුණේ මොස්කව් අගනුවර සිට සැතපුම් 150 ක් දුරින් පිහිටි රුසියන් බන්ධානාගරයකය. නීතීඥයන් පවසන්නේ, නෙවල්නි මේ වනවිට එම බන්ධනාගාරයේ නොමැති බවත්, ඔහුට සිදුවූයේ කුමක්දැයි ඔවුන්ට කිසිවකු දැනුම් දී නොමැති බවත්ය.
බටහිර හිතවාදියකු වන 47 හැවිරිදි, නෙවල්නි විවිධාකාරයේ චෝදනා රැසකට වරදකරු වී සිටී. රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට ද නෙවල්නි වරදකරු විය. ඒ සියල්ලටම හේතුව ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වීම සහ පුටින්ගේ උදහසට ලක්වීම යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලබන 2024 වසරේ දී රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. දිගටම බලයේ සිටීමේ අපේක්ෂාවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පුටින් පවසා ඇත. ඇලෙක්සි නෙවල්නි අතුරුදන් යැයි පැවැසෙන්නේ, පුටින්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිලවශයෙන් දැනුම් දුන් දිනයේ සිටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට රුසියවට චිනෙට ආදරේ මෙ වගෙ දේවල් නිසයි. එ පාලකයොත් අපෙ රටට ආදරෙ මෙ වගෙ දේවල් නිසයි. හැබැයි රුසියාවෙන් ඇස්බැස්ටේා්ස් ගෙන්විම තහනම් කලා විතරයි ලංකාවෙන් තේ කොල ගැනිමත් නැවැත්තුව. එහෙම කලොත් එ ආදරෙ නැතිවෙනව. අමරිකාව යුරොපෙ අපි උන්ට මොනව කලත් ගොනා සේ ඉන්නව. එ හින්ද අපි උන්ට ආදරෙ නැැ.