
(අංජුල මහික වීරරත්න)
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (24) පැවසීය.
රනිල්ගේ වැඩ සටහනට වඩා අනුරගේ වැඩසටහන ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බව කී අබේවර්ධන මහතා නැවත පෝලිම් යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇතැයි ද කීය.
පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට ඡන්දය දුන් සැමට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් සිය ඡන්දය භාවිත කළා.
වර්තමානයේ 42%ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා.
එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතුව තිබෙනවා.එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කණ්ඩායමට සියලු දේශපාලන පක්ෂ ලබා සහයෝගය දිය යුතුව තිබෙනවා.
COMMENTS
වජිර, ඔයා! අලුත් ජනාධිපතිතුමෝ පරිස්සමෙං. "එනපොට හොඳ නෑ.
මොලේ ඇති කතාවක් කිව්වමද කොහේද?
කෝ මහත්තයෝ ඔයාගෙ හිටපු ජන්දිපතිතුමා ගන්නවා කියපු කෝටිය. නිකං පුචානම් කියවනවා විතරයි නේද ?
මොකද්ද ඒ දෙපිටකාට්ටු කතාව ? ඔයාගේ ලොක්කා අයෙත් පත් කර ගත්තේ නැතොත් රට ගිනි ගනී කියලා නේද කලින් කිව්වේ ?
බුදු අම්මෝ කරන්න නොවෙයි හිතන්නවත් එපා, ඒක අපිම කර ගන්නම්.
ඔහේලා වගේ අයගෙන් රටට ගන්න පුළුවන් වැඩක් නෑ ඒ නිසා පැත්තකට වෙලා ඉන්න.
ගාල්ලේ ඉඳලා හික්කඩුවට කුඩු බෙදාහරින පාතාල මුදලාලි මොකාටද මේ එන්න හදන්නේ ?
ගොබ්බයින්ගෙ උදව් කිසිවක් අවශ්‍ය වෙන්නෙ නැත. ඉතාමත් උගත් බුද්දිමත් නායකයින් පිරිසක් රටට පත් වුනා. උඹලට 350 ක් ඉදලත් රට වලපල්ලට දැම්මා දැන් 28 ක ගෙන් රට පාලනය වෙනවා කකුලෙන් අදින්න ගිහින්. පටි රෝල් කර ගන්න වෙන්නෙ. කරන ලොකුම උදව්ව. ඉතුරු ගොබ්බ රැලට කියලා රජයේ වාහන නිවාස ටික බාරදීලා. හොරා කාපු ආයතන වල නඩු වලට ලෑස්ති වෙන්න කියන්න. අනුර ඇතුලු සැමට. උදව් අනවශ්‍යයි. උඹලට මන්‍ත්‍රි කමටවත් එන්න ලැබෙන්නෙ නැහැ. ආසයි දකින්න පොල්සිය නැතිව මහපාරේ යනවා බලන්න. දැන් සැපද. ජනතාවට. ගින්දර දීලා සපට හිටපු කාලේ. ඉවරයි. 350 එරාශ්ටක අපලයක්. ජිවිතේට නැවත පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නෙ නැහැ.
දැන්වත් සූත්තර පුංචා පැත්තකට වෙලා හිටියනම් හොඳ නැද්ද? ඔහේලා කරපු ජරා වැඩ රට විනාසකරී ආදර්ශ නේද? නිමල් සිරිපාල දවස් දෙකෙන් සුද්ද කරලා ඇමතිකමක් දුන්නා. කප්පම්කාරයෙක් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කරගත්තා. තව ලැජ්ජ නැහැ.
මේකා අමු ගවයෙක් .රට කාපු තවත් එක් අපතයෙක් .
අම්මපා....... බොක්කෙන් ද කියන්නේ.
කරපු හොරකම් වංචා, දූෂණ ඉදිරි සති කිහිපයේදී නඩු ගොනුවෙලා, ඒකෙන් හිරේ යන්න වෙන නිසා බයවෙලා, රෙද්දේ මළමුත්‍ර පහවෙලා, උණ ගැනිලා විකාර දොඩවනවා. මාලිමාව පොරොන්දු වුණු විදිහට ඉදිරි සති කිහිපයේ යම්කිසි සාධනීය පියවර කිහිපයක් ගත්තොත් අනිවාර්යයෙන්ම ජනතාව ඡන්දෙ දෙන නිසා පාර්ලිමේන්තු මැතිවරණ දිනනවා. කෙටි කාලීන බදුමිල අඩු කිරීම වැනි සීනිබෝල විසඳුම් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. රජයේ වියදම් අඩු කරගෙන, අතිරික්තයක්ව පවතින රජයේ සේවකයෝ ප්‍රති ව්‍යුහගත කරගෙන, විස්වාසය තැබිය හැකි දිර්ගකාලීන වැඩසටහන රටේ ක්‍රියාත්මක වෙනවා නම්, වෙන පක්ෂවල සහයෝගය තිබුණත්, නැතිවුණත් ජනතාව රජය සමග තිබෙන නිසා ඉදිරියට යන්න පුළුවන්...!