
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට හමුවේ ඇති වත්මන් අභියෝගවලට මුහුණදීමේ දී ආධ්‍යාත්මික මඟපෙන්වීම සහතික කිරීම වෙනුවෙන් සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවය අවශ්‍ය බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (07)වැනි දින පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.
නිදහස් ක්‍රිස්තියානි දේවස්ථාන සඳහා ජාතික සම්බන්ධීකාරක ආචාර්ය කර්බී ද ලැනරෝල් හිමිගේ ප්‍රධානත්වයෙන් සිසුන් 160 දෙනෙකුට පදවි හා උපාධි පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිසූන් කිහිප දෙනෙකුට සහතික පත් පිරිනැමීම ද සිදු කෙරිණි.
වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බවත්, සෑමවිටම ආගම පාලනයෙන් වෙන්ව තබා ගනිමින් සියලු ආගමිකයන්ට සම අවස්ථා ලබාදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් පල්ලියට බෝම්බ ගහපු අය ඇල්ලුවේ නැත්තේ මොකද?
ඇයි දැන් ආගමික නිදහසක් නැතිද ? කොච්චර කාලයක් බලයේ ,පාර්ලමේන්තුවේ හිටියද ? හිඟන්නාගේ තුවාලේ වගේ මේ කතාව එක දිගටම කියන්න ඕනේ ද ??? මොකක්ද තියෙන ප්‍රශ්නේ .............. මේ වගේ සරල දෙයක් හදන්න බැරි එකෙක් රටක් හදයි ද ?
පාස්කු ප්‍රහාරය වෙන බව දැනගෙනත් නිකම් උන්නා. කයිවාරු ගැහැව්වාට තමුන් කියපු කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ