
(ටී.කේ.ජී.කපිල)
සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා වූ ජුලියස් ජනපති සමග දූත පිරිස ලෙස තවත් 09 දෙනෙක් ද පැමිණ සිටියහ .
ඔවුන් සියරාලියෝන් රාජ්‍යයට අයත් 9 එච්.වී.11 දරන ගුවන් යානයෙන් අද දින පස්වරු 05.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට කවුද බුලත් දුන්නේ ?
siyera liyon කියන්නේ ලෝකයේ සහ අප්‍රිකා මහද්වීපයේ දුප්පත්ම රටක් . අපෙන් ණයක් ඉල්ලන්න එනවාවත්ද ?
කිසිම සමුළුවක් වත් නැතිව , ආරාධනාවක් වත් නැතිව මෙයා මොකද ලංකාවට ඇවිල්ල තියෙන්නේ ? රනිල් වගේ රජයේ වියදමින් නිකන් ලෝකේ වටේ රවුන් ගහන එක්කෙනක් වගේ
අනුර ජනාධිපතිතුමා ඔය පොඩි රටවල් වලින් එනවට ඒ කාලේ ජෝක් කළා නේ .අද එයාගේ ආණ්ඩුවට එන පලවෙනි ආගන්තුකයා ඒ වගේ කෙනෙක්
සියරාලියොන්හි සඟවා ඇති ධනය ලංකාවට ගෙනඒමට කටයුතු කරන්න අතිගරු ජනපතිතුමනි...!
විදේශ ඇමති ප්‍රකාශ කල විදියට ඔහු නිල සංචාරයකට මෙහි පැමිණ නැහැ .වෙනත් ගමනක් යන අතර තුර " Transit " මගියෙකු හැටියටයි ලංකාවේ ගොඩ බැහැලා තියෙන්නේ