(සුජිත් හේවාජුලිගේ )
සියරා ලියොන් රාජ්‍යයේ පාර්ලිමේන්තු සහ පළාත් පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ද තෝරා ගනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සහ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වන වේලුපිල්ලේ කනනාදන් මහතා ඒ දෙදෙනා වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර නිරීක්ෂකයන් පවසන්නේ අප්‍රිකානු රටක මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට මෙලෙස අවස්ථාව හිමිවීම සුවිශේෂ කරුණක් බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමටද රෝහිණි මාරසිංහ මහත්මිය මෙයට පෙර එක් වූවාය. කනනාදන් මහතා කෙන්යාවේ සහ නයිජීරියාවේ පැවති මහමැතිවරණ වලදීද මැතිවරණ නිරීක්ෂකයකු ලෙස මීට ඉහත කටයුතු කළේය.
මේ අතර රෝහිණි මාරසිංහ මහත්මිය එරට සත්‍යය හා සංහිඳියා කොමිසමේ සභාපති රදගුරු ආචාර්ය ජෝසෆ් සම්පර් මහතාද ලබන සතියේදී මුණ ගැසීමට නියමිතය.
දකුණු අප්‍රිකානු සත්‍යය හා සංහිඳියා කොමිසමේ අත්දැකීමක් අධ්‍යයනය කර ශ්‍රී ලංකාවටද එවැනි ආකෘතියක් හඳුන්වා දීමට කටයුතු කරන බව රෝහිණි මාරසිංහ මහත්මිය පැවසුවාය. මේ අරමුණ ඉටුකර ගැනීම සඳහාසියරා ලියොන් රාජ්‍යයේ සත්‍යය හා සංහිඳියා කොමිසමේ සාමාජිකයන් සමඟ පූර්ණ සංවාදයක නිරතවීමටද ඇය අපේක්ෂා කරන්නීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සියරා ලියොන් ඡන්ද නිරීක්ෂණයට ලාංකිකයෝ දෙදෙනෙක්
කොමසාරිස් Tuesday, 27 June 2023 10:45 PM
දැන් ඉතින් ආයෙ ලන්කාවෙ චන්ද නැති එකේ මෙහෙම හරි යන එක හොදයි
සහෝදරත්වය Wednesday, 28 June 2023 01:00 AM
හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වාගෙයි